වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීම සඳහා වෘත්තීය සමිති හා හාම්පුතුන් නව වැටුප් ගිවිසුමකට එළඹ තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලිංගම් “විමසුම“ ට පැවසුවේ අද පස්වරුවේ අත්සන් තැබූ මෙම නව වැටුප් ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 285 සිට 380 ක් දක්වා ඉහළ යන බවයි.
මීට අමතරව, මූලික වැටුපට අනිකුත් දීමනාද ඇතුළත් වූ පසුව නව ගිවිසුම ප්‍රකාරව කම්කරුවෙකුට රුපියල් 515 ක දිනක වැටුපක් ලැබීමට නියමිත බවත් මීට පෙර සියළු දීමනා ඇතුළත්ව දිනකට ලැබුණේ රුපියල් 405 ක වැටුපක් බවත් හෙතෙම කීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ පවසන්නේ මෙම ගිවිසුම වසර දෙකක් ක්‍රියාත්මක වන බවයි.
http://www.vimasuma.com