Sri Lanka credit to business up in Oct
මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව ගෙවුණු ඔක්තෝම්බර් මාසයේදී මෙරට පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 29.5 කින් වර්ධනය වී රුපියල් බිලියන 2,324.4 ක් වෙද්දී රාජ්‍ය ව්‍යවසායන් විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 17.3 කින් අඩුවී රුපියල් බිලියන 254.6 ක්වී තිබේ.
මේ අතර, මධ්‍යම ආණ්ඩුව ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 7.6 කින් වැඩිවී රුපියල් බිලියන1,042 ක්වී ඇත.
මේ වසරේ පළමු අර්ධයේදී මහ බැංකු ණය ඇතුළු සමස්ත ණය ප්‍රමාණය මාසයකදී රුපියල් බිලියන 100 කට වඩා වැඩිවිය.
විකුණා දැමූ ඩොලර් නිශ්ක්‍රීය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් බැංකු පද්ධතියට මහ බැංකුව විසින් ඇතුළු කිරීම එයට හේතුවයි.
විකුණා දැමූ ඩොලර් නිශ්ක්‍රීය කිරීම ආරම්භ කිරීමට පෙර පුද්ගලික අංශය මාසයකදී රුපියල් බිලියන 25-35 ත් අතර ණය ප්‍රමාණයක් ලබා ගත්තේය.
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම තුළින් බැංකු පද්ධතියට මුදල් ඇතුළු කිරීමත් සමගම තැන්පතු වලට සාපේක්ෂව ණය අනුපාතයද වැඩිවූ අතර පුද්ගලික ණය මාසයකදී රුපියල් බිලියන 50-60 ක් තරම් ඉහළ නැගුණි. මේ තුළින් ඇතිවූයේ පවත්වාගත නොහැකි මට්ටමේ ආනයන ඉල්ලුමකි.
කෙසේවෙතත්, 2012 පෙබරවාරියේදී මහ බැංකුව විසින් පොලී අනුපාතය ඉහළ දැමූ අතර විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමටත් ඉන්ධන මිල ඉහළ දැමීමටත් කටයුතු කළේය.
මෙවන් වාතාවරණයක් තුළ පුද්ගලික අංශය ලබාගත් ණය වර්ධනය වීම පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වන මාස 12 තුළදී සියයට 23.5 කින් අඩුවී තිබේ.
කෙසේවෙතත්, 2012 සැප්තැම්බර් මාසයේ වූ සියයට 30.0 ක්වූ රාජ්‍ය ණය ඔක්තෝම්බර් මාසය වනවිට සියයට 32.4 ක් දක්වා වැඩිවී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1719299336