පිටින් බැලූ විට වහල පුරා සෝලා පැනල්. නමුත් ලයිට් කපන විට පැය ගණන් ගේ කලුවරේ.
ඉටිපන් දම් එලියෙන් කට්ටිය වැඩ.
බිල අඩු උනා වෙන්න පුලුවන්. නමුත් මේ මොන අපරාධයක් ද ?
මෙන්න ලයිට් කැපුවට අපේ ගෙදර පත්තු වෙන සෝලා ලයිට්.
වියදම:
40W පැනල් 1 රු: 6000.00 ( අද නම් මිල 4000 ක් විතර ඇති)
කන්ට්‍රෝල් සර්කිට එක : 3500.00 ( අද මිල 1750.00 )
වයර් : රු 500 /- (අද මිල උපරිම 1000 කියමු)
12V LED බල්බ් විවිධ වර්ග 2000/- ( එකලස් කිරීම මමම මයි)
භාවිතයෙන් ඉවත් කළ කාර් බැටරිය : රු. 0.00 ( ඉවතලන සාමාන්‍ය තත්ත්වයේ කාර් බැට්රි එකකින් උනත් පැය 2-3ක් පුලුවන්)
සම්පූර්ණ වැය රු: 12,000/=
අද මිලට වැය : රු. 9000/- අලුත් බැට්රියක් දානවා නම් තව 6500 ක් එකතු කරන්න. සෝලා රැස් කිරීමටම සුදුසු ඩීප්-සයිකල් බැට්රියක් ම දානවා නම් + 12,000/-
( කන්ට්‍රෝලර් කියන්නේ සෝලා පවර්(12-16V) බැටරියට යවල නැවත බැටරි පවර් ලෝඩ් වලට රෙගුයුලෙට් කරල දෙන සර්කිට් එකකට. ) Conroller
40W 1.5 ft x 1.5 ft solar panel placed on roof
ලයිට් කැපුවට අපි බය නෑ.ගෙදර කුස්සියෙත් ලයිට්.
used but good quality car battery connected throuth the controller
දාඩිය ත් යවා ගන්න ඕන නම් ඩීප්සයිකල් බැටරි දාල 12V ෆෑන් උනත් කරකවා ගන්න පුලුවන් පැය 2-3 ක්. ( 12V ෆෑන් කාර් , ලොරි වල හයි කරන්න මොටර් ස්පෙයාපාට් කඩවල තියෙනව) අපි 1990 දී මොරිස් මයිනර් කාර් එකට හයිකරන්න ගත්ත 12V ෆැන් එක තාම වැඩ.
මේ කිසි දෙයක් කෙලින්ම සෝල පැනල් වලට සවිකරන්න එපා. අව්ව වැඩි උනාම 16V ඇවිල්ල පිච්චෙනව. සියලු දේ ඉහත ලිස්ට් එකේ ඇති කන්ට්‍රෝලර් එක හරහා ආ යුතුයි.
my own way
දැනට නෙට් මීටරිං හයි කරගෙන කලුවරේ ඉන්න අයට විසඳුමක් නැද්ද ?
තියෙනෙව. අලුතෙන් කන්ට්‍රෝලර් එකක් හා බැටරියක් ගන්න.
සෝලා වලින් එන සප්ලයි ලයින් එක (12-16 V) ඒකටත් හයි කරල එය හරහා බැටරි චාජ් කර ගන්න . EED බල්බ් කන්ට්‍රෝලර් එකෙන් එන ලෝඩ් ලයින් එකට සවි කරන්න.