පළමු කොටස මාසික විදුලි පරිභෝජනය ඒකක 60ක් හෝ ඊට අඩු පාරිභෝගිකයින් සඳහායි. එහිදී පළමු ඒකක 30 සඳහා ඒකකයකට රුපියල් 2.50ක් බැගින් අය කෙරෙනවා.
ස්ථාවර ගාස්තුව රුපියල් 30.00ක් පමණයි. ඒකක 31 සිට 60 දක්වා ගාස්තු අය කෙරෙන්නේ එක ඒකකයට රුපියල් 4.85ක් බැගින්. ස්ථාවර ගාස්තුව රුපියල් 60ක් වනවා.
මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට වඩා වැඩි පාරිභෝජනයන් සඳහා විදුලි බිල ගණනය කෙරෙන්නේ දෙවැනි කොටස යටතේයි. එහිදී පළමු ඒකක 60 සඳහා ගාස්තු අය කෙරෙන්නේ එක ඒකකයකට රුපියල් 7.85 ක් බැගින්.
ඒ සඳහා ස්ථාවර ගාස්තුවක් අය කෙරෙන්නේ නැහැ. 61 සිට 90 දක්වා ඒකකවලට එක ඒකකයට රුපියල් 10.00 බැගින් අය කෙරෙනවා. ස්ථාවර ගාස්තු රුපියල් 90ක්.
91 සිට 120 දක්වා ඒකක සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 27.75ක්. ස්ථාවර ගාස්තුව රුපියල් 480.00ක් වනවා. ඒකක 121 සිට 180 දක්වා ද ස්ථාවර ගාස්තුව රුපියල් 480.00ක්.
ඒ සඳහා ඒකකයකට අය කරන ගාස්තුව රුපියල් 32.00ක් වනවා. ඒකක 181 සිට ඉදිරියට ඒකකයක ගාස්තුව රුපියල් 45.00ක්. ස්ථාවර ගාස්තුව රුපියල් 540.00ක් වනවා.
විදුලිබිල සඳහා මෙතෙක් අය කෙරෙන ඉන්ධන ගැලපුම් ගාස්තුව මින්පසු අය නොකෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. මෙම ගාස්තු ක්රමය ඉකුත් සැප්තැම්බර් මස 16 වැනිදා සිට බලපැවැත්වෙන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
- See more at: http://nethfm.com/article/37585#sthash.atOAPXr1.dpuf