අධි දායකත්වයක් ලැබීම නිසා වැලිබන් වන් කොටස් නිකුතුව අද පස්වරු 4.30 ට අවසන් වන බව නිකුතුවේ කළමණාකරුවෝ පවසති.
පසුගියදා සිදුවූ අනිකුත් කොටස් නිකුතු මෙන් නොව මෙම නිකුතුවේදී වැලිබල් වන් මහජනයාට කොටස් නිකුතුව සිදු කරන්නේ එයට පෙර එහි පුද්ගලික කොටස් නිකුතුවේ මිලවූ රුපියල් 25 ටමය.
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙන්නේ එකක් රුපියල් 25 ක් බැගින් වන කොටස් මිලියන 21 ක් අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 532 ක් රැස්කර ගැනීමට සමාගම සූදානම් බවයි.
මෙම කොටස් නිකුතුව අද මහජනතාව සඳහා විවෘත වුණි.
“වැලිබල් වන්“ සමාගම සතුව රෝයල් සෙරමික්ස්, එල්.බී. ෆිනෑන්ස් හා සම්පත් බැංකුවේ කොටස් හා මැතකදී මිලදී ගත් ඩෙල්මේජ් සමාගම තිබෙන අතර මේ වනවිට සංචාරක කර්මාන්තයට අදාළ දේපොළ සංවර්ධනයේද යෙදී සිටී
පසුගිය සතිය මුළුල්ලේම බිදු වැටුණු කොළඹ කොටස් වෙළෙඳ පොළ, කලින් පුරෝකතනය කල පරිදිම නව ජවයකින් යුතුව පසුගිය සිකුරාදා යළි පිබිදිමේ ලකුණු පෙන්නුම් කළද ඊයේ දිනයේ තවදුරටත් කොටස් තැරුව්කරුවන් හිඟකොටස් ණය පියවීමට සිදුකළ බලහත්කාර විකුණුම් නිසා යම් පසුබැස්මකට ලක්වන අයුරු දක්නට තිබුණි.වැඩි ඉල්ලුමක් තිබු කොටස් මත බහුල වශයෙන් මෙම විකුණුම් ඊයේ දිනයේ සිදුවුණි.
http://www.vimasuma.com