මෙරට ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සිය පැරණි හෝටලයක් නවීකරණය කර අළුත් මුහුණුවරකින් වෙළඳ පොළට පැමිණීමට කටයුතු කරයි.
මේ අනුව, සමාගම සතුවූ කාමර 64 කින් යුක්ත බේරුවල පිහිටි “නෙප්චූන්“ හෝටලය ආයුර්වේද සෞඛ්‍ය හෝටලයක් ලෙස නවීකරණය කර තිබෙන අතර එය Heritance Ayurveda Maha Gedara යනුවෙන් අළුතින් නම්කර තිබේ.
හෝටලයේ වියදම් වලින් සේවකයින්ගෙන් පසුව වැඩිම වියදමක් යන බලශක්තිය සඳහා යන පිරිවැය සමාගම විසින් අඩුකිරීමට මෙහිදී පියවර ගෙන තිබෙන අතර සූර්ය බලශක්තිය භාවිතා කිරීමටද පියවර ගෙන ඇත.
මීට අමතරව, මෙම හෝටලයේ මුළුතැන් ගෙයින් අපතේ දමන ද්‍රව්‍ය වලින් බලශක්තිය නිපදවීම සඳහා ජීව වායු නිපදවීමේ යන්ත්රාගාරයක් ගොඩනැගීමටද සමාගම සූදානම් වේ.
http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=2898&Itemid=56