ruwan326 wrote:After you watch Please share this for a better Sri Lankaruwan326 wrote:"නොපෙනෙන මහා බලවේගයක සැගවුණු රහස් " කෘතිය මහින් ප්‍රවාහන ක්ෂේත්‍රය හා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ගැටළු පිළිබද ඔබ නොදැන සිටි දෑ දැනගැනීමට මෙන්ම අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනස් විය යුතු ආකාරය පිළිබද නව න්‍යායක් ඉදිරිපත් කර ඇත.
ආනයන වියදම් අඩු නොවෙන්නේ ඇයි?
මහ බැංකුවේ නිවේදනයකට අනුව 2018 පළමු මාස 9 ඇතුළත ආනයන වියදම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.4%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1587.4ක වැඩි වීමක්.
පසුගිය අගෝස්තු මාසය දක්වා වසරක කාලය තුළ රුපියල එතරම්ම අවප්‍රමාණය වුණේ නැහැ. නමුත්, යම් තරමකින් අවප්‍රමාණය වුණා. එසේ තිබියදීත්, ආනයන වියදම මේ ආකාරයෙන් ඉහළ ගොස් තියෙන්නේ ඇයි?
ඉහත වැඩි වීමෙන් 95%කටම හේතු වී තිබෙන්නේ කාණ්ඩ තුනක ආනයන වියදම් වල සිදු වූ වැඩි වීමයි. ඒ පෞද්ගලික වාහන ආනයනය, ඉන්ධන ආනයනය හා පොහොර ආනයනය යන කාණ්ඩ තුනයි.
වසරේ පළමු මාස නවය ඇතුළත පෞද්ගලික වාහන ආනයන වියදම් 129.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 670.2ක වැඩි වීමක්. ඉන්ධන ආනයන වියදම් ඩොලර් මිලියන 713.8කිනුත්, පොහොර ආනයන වියදම් ඩොලර් මිලියන 116.6 කිනුත් (163.8%කින්) ඉහළ ගොස් තිබෙනවා. මේ කාණ්ඩ තුනේ පමණක් ආනයන වියදම් ඉහළ යාම ඩොලර් මිලියන 1,500.6ක්. ඉතිරි කාණ්ඩ සියල්ලේම ආනයන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 86.8කින් පමණයි. එය 0.6%ක සුළු වැඩි වීමක්.
මෙසේ විශාල ලෙස පෞද්ගලික වාහන ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙන්නේ මෝටර් රථ ආනයනය දෙගුණයකින් පමණ ඉහළ යාමයි. ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්ය වාහන හා මෝටර් සයිකල් ආදිය ආනයනය කිරීම කැපී පෙනෙන ලෙස වැඩි වී නැහැ. මෝටර් රථ ආනයනය මෙසේ විශාල ලෙස ඉහළ යාමට හේතුව වසර මුලදී ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත් බව පැහැදිලියි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමටත් මෙලෙස අළුතින් ආනයනය කළ, ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් ආදියට සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, පෞද්ගලික වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස දායක වී තිබෙන බව සිතිය හැකියි. අප්‍රේල් මාසයේ සිට පොහොර සහනාධාරය නැවත ලබා දීමපොහොර ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබෙනවා.
රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දුන් විට සෛද්ධාන්තිකව ආනයන වියදම් අඩු විය යුතුයි. එසේ වෙන්නේ ආනයන භාණ්ඩ වල මිල ඉහළ යාම නිසා ඒ භාණ්ඩ වල දේශීය ඉල්ලුම අඩු වීමෙන්. නමුත්, බදු සහන හෝ සහනාධාර දීම මඟින් මිල ඉහළ යාම වලක්වා මිල තිබුණාටත් වඩා පහළ හෙළුවොත් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කළ පලියට ආනයන වියදම් අඩු වෙන්නේ නැහැ.
http://economatta.blogspot.com