මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවන සන්ධානය, විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් එජාපයෙන් ඉදිරිපත් කර ඇති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මේ මොහොතේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමට දෙදෙනාම එකඟතාවයකට පැමිණ ඇති බවයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් මාස කීපයක් පමණක් ඇති නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මේ මොහොතේ සුදුසු නොවන බවට ඔවුන් දෙදෙනාගේම මතය වී තිබෙනවා