එහෙත් තේ කර්මාන්තයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන තේ කර්මාන්තශාලා හිමියන් මුහුණ පා ඇති ගැටලු ඒ සඳහා බාධාවක් වී තිබේ.
විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ දී ක්‍රියාත්මක වූ සීමාකාරී මූල්‍ය සහ බදු පිළිවෙත් මෙන්ම ප්‍රතිඅපනයනය කිරීම සඳහා තේ ආනයනය කිරීම පිණිස අවකාශ සැලසීම සඳහා එතෙක් පැවති නීතිරීති හා රෙගුලාසි ඉවත් කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව නිරීක්ෂණය කර ඇත.
මෙම තත්ත්වය යටතේ තේ කර්මාන්තය ස්ථාවර සහ තරඟකාරී අපනයන ඉපැයුම් මාර්ගයක් බවට පරිවර්තනය කරමින් ඊට අදාළ සැපයුම්දාමය ආශ්රිත රැකියාවන් හි නිරත විශාල පිරිසකගේ රැකියා ස්ථාවරත්වය තහවුරු වන අන්දමට තේ ක්ෂේත්රයේ පුනර්ජීවන හා නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී