අද නොවැ 19 මාර්කට් එකේ පහල යාමට මූලික වුනු LOFC – CLC – NIFL ඉදිරිය කොහොම වෙයි ද ?
අපි මේ වගේ ගේම් එක්ක පොර බදලා දිනන්න ස්මාර්ට් වෙන්න ඕනා
නොදැනුවත් කම නිසා හරි තණ්හාව වැඩිකම නිසා හරි නොවැ 19 LOFC – CLC මිල පහල යැම නිසා අවුලෙන් ඉන්න මිනිසුන්ට කෝචොක් කරන එක හිනා වෙන එක නොවුනා නම් හොදයි ..පාඩම් ඉගෙන ගන්න කීව්වා නම් ඇති නේ ද ? කොහොම වුනත්
කොහොම වුනත් LOCH එක ට මේවා හුවමාරු වුනු මිල ගණන් තවමත් ප්‍රකාශිත නෑ
අනික LOCH එකේ වටිනාකමට මේ සමාගම් වල මිල ගණන් බලපාන නිසා මේවා රොඩු වගේ වැටෙන්න දෙන එකක් නෑ -LOLC එකෙන්
මේ පසුපස - එක් එක් අපි නොදන්නා කාරණා තියන්න පුලුවන්
අපි ඒ දේවල් සොයා බලමු
LOCH එකේ අනාගතය
ඒ එක්කම LOCH එක්ක එකතු වුනු LOFC CLC NIFL සමාගම් වල අනාගතය
සමහර විට
අද අඩුවට ගත්තු සමහරු ඒවා ගන්න ඇත්තේ සමහර සමහර දේ දැනගෙන වෙන්න පුලුවන්
අදත් LOFC මිලයන 91 සහ CLC මිලියන 3 අද ගණුදෙනු වුනා
LOFC රුපියල් 29-36 අතර ත් මිලියන ගණන් කොටස් ගණුදෙණු වී තිබුණා
සති අන්තයේ මේ කොටස් වල අනාගතය ගැන සොයමු සමහර විට
අද ඊයේ 27 ට උඩින් ගත්තු අද උඩ බිම බලන අයට ඉදිරියේ හොදක් වෙන්නත් පුලුවන්
කොහොමත් ට්‍රේඩින්ග් කරන කොටස් එක්ක ගණුදෙණු කරද්දි පරිස්සමින් කරන්න ඕනා
අනික වැඩි තණ්හාවට යන්නත් නරකයි
තොරතුරු හොයල බලල ශෙයාර් කරගමු
හිර වෙලා ඉන්න අය අමතක කරන්න එපා මේ පාඩම්
ඒවගේම LOCH කියන්නේ ඉශාර නානයක්කාර මහත්මයා හදන්න යන දැවැන්ත මූල්‍ය සමගමක් එහි කොටස් නිකුතුවක් එයි ද ?
එය කෙසේ වෙයි ද ?
කොටස් නිකුත් නොකර සිටීද කියල තවම පැහැදිලි නැ සොයා බලමු
හැම විටම 65% අපේ මුදල් තාක්ෂ්ණිකව ශාක්තිමත් කොටස් වලටත්
35% ට්‍රේඩින්ග් කොටස් වලටත් යොදල තමන් ගේ කොටස් වෙළදපලේ ගමන යන්න
තමන්ගේ ගිණුම් යලි සකසා ගන්න - පාඩු අකා මකා දා ගන්න පුලුවන් වෙයි ඉදිරියේ දී
ඒ කිව්වේ LOFC –CLC උඩින් අරන් හිර වෙලා ඉන්න අපේම අයට
සති අන්තයේ මේ වා ගැන තව තව තොරතුරු අපට දැන ගන්න ලැබේවි
ඒව හුවමාරු කරගමු
ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරමු