මම ලගත් LOLC - EXPO ටිකක් තියනංවා LOLC ටිකයි ...ඒත් මම PEAK එකේ ගත්තුවා නෙවෙයි ..ඒක නිසා අලාභ අඩුයි ..නමුත් ඕනේවට වඩා කොවිඩ් කාලේ සමහරු ඕවා ප්‍රමෝට් කරා EXPO 1000 LOLC 1500/ 2000 වෙනවා කිය කියත් කිව්වා සමගරු ඒ කාලෙත් මම සමහරු එක්ක කතා බහ කරා මේ EXPO ලාභ කොවිඩ් නිසා ආපු අමුතු ලාභ කියලා (.ONE OFF ABNORMAL gains) .අදත් මම කියන්නෙ ඒකයි ඒත් EXPO වටිනා සමාගමක් ඉස්සර තිබුනු EXPO එක නෙවෙයි අද තියන්නෙ නමුත් භාණ්ඩ ප්‍රවාහනය දැන් සාමාන්‍ය වෙලා අතිවිශාල ලාභ ලැබෙන්න ඉඩ අඩුයි ...ඒ නිසා මම නම් හිතන්නේ EXPO 120-130 උපරිම මම හිතන්නේ ඊට පහල යන්නත් බැරි නෑ
මව් සමාගම ආපහු ආයිත් ගන්න පටන් ගත්තොත් අපේ වාසනාව මිල ටිකක් ඉහල යාවි
අනෙක් එක LOLC මට නම් එදා ඉදල අද්භූත සමගමක් .
මොන ආකාරයේ ආයෝජන කරල ද කොහොම එයාලා ගිණුම් ප්‍රකාශණ කරනව ද කියන එක ප්‍රශ්නයක් ??
.මම දැක්කා Good will payment kiyala බිලියන 2.98 ගෙවල පගාව ගෙවීම් ද මන් දා ඒ ?
එතකොට අලුත් සමාගම් එයාල ගන්න කොට ඒවයේ මිලදී ගැනුම් වටිනා කම් කියලත් මෙයාල දානවා
වටිනා සමාගම් අඩුවට ගත්තා කියල ඒ වටිනාකම් පවා දානවා සමහර විට
එතකොට පිටරට තියන දේවල් වලට දීලා තියන වටිනාකම කාටද ඕවා විශ්වාස කරන්න පුලුවන් ...
පිටරටවල
විශේෂයෙන්ම අප්‍රිකානු රටවල පැතිර යන මූල්‍ය ප්‍රශ්න නිසා මේ වටිනා කම් අඩු වෙන්න පුලුවන් ඉස්සරහට
ඒක නිසා පොඩි ආයෝජකයන් ඔය දෙකෙන් මිදෙන එක ඇගට ගුණයි කියල මට පුද්ගලික ව හිතෙනවා ...
අපිට දනෙන වටිනාකම් තියන සමාගම් කොටස් කොච්වර නම් අඩුවට ගන්න අද තියනව ද ? ඉශාර නානායක්කාර මහත්මයාගේ මම දකින අපට හැගෙන දැනෙන වටිනාකම් තියනවා කියල හිතෙන සමාගම් මම පුද්ගලික ව හිතන විදිහට BIL BRWN ..
මේ කරුනු නිසා LOLC එකත් පල්ලම් බහී මට හිතෙන්නේ මොකද ඔය ගිණුම් අවුල් ගැන ගොඩාක් අය මේ කාලෙ කතාබහ කරමින් දැනුවත් කරනවා මිනිස්සු ඒ ගැන කතාබහ කරනවා දැන් ..ඉන්දියාවේ අදානි මහත්මයාගේ සමාගම් කොටස් වල අද්භුත වටිනාකම් පෙන්වීම් ගැන එලියට ආවම ඒවා මේ කාලේ ලොකුවට බහිනවා ..ඔය දේ ලන්කාවේ ඉශාර නාණායක්කාර මහත්මයාගේ ඒවට වෙන්න බැරිත් නෑ..
ඔව් EXPO LOLC
බැස්සොත් එවයේ වටිනාකම් වැඩි නිසා අද තියන මිල වැඩි නිසා සියලු කොටස් මිල දර්ශකයට වෙන බලපෑම වැඩී බව ඇත්ත
sanjaya
ඒ වුනාට මේ කාලේ ඉක්මනටම IMF බිලියන 2.9 ණය අනුමත වී තව තව ඩොලර් ආධාර සහ ණය අපේ රටට ලැබෙන්න තිය්න්න් ඉඩ වැඩී
ඒ එක්කම පොළී අනුපාත පහත යනවා මයි ඒක දැනටම පටන් අරන් ..
මේ පොලී අඩු වීම් මාර්කට් එකට ලොකූ තල්ලුවක් දෙන එක ඒකාන්තයි
ඒ එක්කම පොළී අනුපාත ඉදිරියේ පහල යාම සියලූම ලැයිස්තුගත සමාගම් වල මූල්‍ය වියදම් අඩු කරාවී ස්තිරවම
මේ දේවල් දන්න නිසා තාක්ෂණික ව ශක්තිමත් ලාභාන්ශ ගෙවන අදත් සාමාන්‍ය මිලට ගණුදෙණු වෙන
අපනයනය හා සම්බන්ධ සමාගම්
සහ ඩොලර උපයන සමාගම් වල ඉදිරිය මීට වඩා ගොඩාක් හොද වෙයි ..
ඒක නිසා EXPO LOLC කොටස් මිල ගණන් ඉදිරියේ පහල ගියත් කොටස් එක්ක ගණුදෙණු කරන අය
IMF ඩොලර් සහ වෙනත් ADB WB ආදී ක්‍රම වලින් ඩොලර ලබී පොළී අනුපාත අඩු වී වෙනස් වෙන නිසා
වටිනා අනෙක් කොටස් ගන්න පෙළබෙන එක ස්තිරවම ඉස්සරහට වෙයි
ඒ ඉල්ලුම නිසා
LOLC EXPO පහල ගියත් මාර්කට් එකේ අනෙක් තාක්ෂණිව ශක්තිමත් සමාගම් වලට හොද ඉල්ලුම් ලැබී මාර්කට් එක ඉදිරියේදී ශක්තිමත් වෙයි ..
සමහර විට දවසක් දෙකක් තරමක් රතුවට තියෙයි ..
ඒත් IMF එක නිල නිවේදනය කරාම . අපි නොහිතන විදිහට මාර්කට් එක කොළපාට වෙන්න ඉඩක් තියනවා
මේ මගේ පුද්ගලික අදහස්
තම තමනුත් සොයා බලා තීරණ ගත යුතුමයි