ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කැනඩාව පදනම් කරගත් Four Seasons හෝටල් ජාලය කල්පිටියේ හෝටලයක් ගොඩනැගීමට සලකා බලමින් සිටින බවත් එහි නියෝජිතයින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මේ ජූලි 27 වනදා මෙරටට පැමිණීමට නියමිත බවයි.
කල්පිටියේ දූපත් 12 ක් පමණ මේ වනවිට සංචාරක කර්මාන්තය සඳහා බදු දීමට රජය තීරණය කර තිබෙන අතර මින් දෙකක් සඳහා මේ වනවිට ආයෝජකයින් කැමැත්ත පළකර තිබේ.
හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහය ඩොලර් මිලියන 500 ක ආයෝජනයකින් හෝටලයක්, සාප්පු හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ගාලු මුවදොර අසලින් ඉඩමක් බද්දට ලබාගෙන තිබෙන අතර හම්බන්තොටද හෝටලයක් ගොඩනැගීමට සැලසුම් කර ඇත.