ඒ ශී‍්‍ර ලංකාව තුළ හා පිටරටවල දී ‘හයිබි්රඞ් හෝම්ස්’ නාමය යටතේ එන නූතන ජංගම නිවාස හා වෙනත් අගය එකතුකළ නවාතැන් පහසුකම් නිෂ්පාදනය හා අලෙවිකරණය වෙනුවෙනි.
www.hybridhomes.lk
සමාගම් දෙක අතර මේ සඳහා වන ගිවිසුම පසුගියදා අත්සන් තැබුණු අතර සමාගම් දෙකෙහි ඒකාබද්ධ නිවේදනයක් ද සමඟින් මෙහිදී පළමු වරට නිෂ්පාදනය කරනු ලබන හයිබි්රඞ් නිවාස ආකෘතීන් ඉතා ඉක්මනින් එළි දැක්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ ඉදිකිරීම් අංශයේ දැනට පවතින හිඩැසක් සපුරාලමින් වෙළෙඳපොළට පිවිසෙන හයිබි්රඞ් නිවාස, හයිබි්රඞ් හෝම්ස් සමාගමේ හා ලොගිවෙන්චර්ස් සමාගමේ නවතම සංකල්පයක් අනුව සිදුකෙරෙන හඳුන්වාදීමකි.
නාවුක බහාලූම් හා අනෙකුත් ප්රතිචකී්රයකරණය කළ හැකි අමුද්‍රව්‍ය යොදා ගෙන ඉදිකරන නිවාස සඳහා හයිබි්රඞ් නිවාස යනු සැබෑ පරිසර හිතකාමී විසඳුමකි.
නිවාඩු නිකේතන, විලා හා අනෙකුත් අගය එකතු කළ නූතන නිවාස අවශ්‍යතාවයන් වෙනුවෙන් හයිබි්රඞ් නිවාස යනු වර්තමානයේ දී පුළුල් ලෙස අවධානයට බදුන් වන කදිම විසඳුමකි.
එය සාම්ප්‍රදායික නිවාස ඉදිකිරීම් හා සැසඳීමේ දී ලබා දෙන වාසි රැසකි.
විවිධ වූ ආදායම් හා ජීවන ශෛලීන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කරන ලද මාදිලි ගණනාවකින් හයිබි්රඞ් නිවාස වෙළෙඳපොළට පැමිණීමට නියමිතය. නිසි ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් ඉදිකෙරෙන මෙම නිවාස, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය හා නිවාස සැලසුම පරිදි සති 3-8 ත් අතර කාලයක දී ඉදිකර දිය හැකිවේ.
තවද මෙම ජංගම නිවාස, මාර්ගයන්වල හෝ ගුවනින් ප්‍රවාහනය කළ හැකි අයුරින් සකසා ඇති නවතම අංග ගණනාවකින්ම යුක්ත වේ.
එසේම සූර්ය බලශක්ති සම්බන්ධතාවය,ඇතුළු නවීන අංග ගණනාවකින් මෙම හයිබි්රඞ් නිවාස සමන්විත වනු ඇත. උෂ්ණත්වය පාලනය කෙරෙන හා මළ බැඳමෙන් තොර මෙම නිවාස වර්ගයන් විදුලිය කෙටීම්, සුනාමි හා අනෙකුත් ස්වභාවික ආපදාවන් හිදී අතිරේක ආරක්ෂාවක් ලබා දෙනු ඇත.
මෙම නිවාස ඉදිකිරීම සඳහා පළාත්පාලන හෝ වෙනත් ආයතනවල අනුමැතියක් අවශ්‍ය නොවන අතර තමාගේම හෝ බද්දට ගනු ලැබූ හෝ පර්චස් 5 කට අඩු භූමි ඉඩකඩවල පවා ඉතා පහසුවෙන් හයිබි්රඞ් නිවාස ඉදිකර ගත හැක්වනු ඇත.
වසර 25 කට අධික කාලයක් මෙම පරිසර හිතකාමී නිවාස භාවිතයට යොදා ගත හැකි අතර උපරිම වශයෙන් තට්ටු 6 ක් දක්වා ඉදිකළ හැකිය. මෙම නව ව්‍යාපාරික සහයෝගීතාවයට අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ දී නිවාස 200 ක් නිෂ්පාදනය කොට වෙළෙඳපොළට එක්කිරීමට මේ වන විට කටයුතු සලසා තිබේ.