ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, ආචාර්ය නාලක ගොඩහේවා “විමසුම“ ට පැවසුවේ මෙම ජාත්‍යන්තර සංචාරක දුරකතන මධ්‍යස්ථානය ඇතිකිරීම සඳහා තවත් සති දෙක තුනකින් මෙරට දුරකතන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සමාගම් වලින් යෝජනා කැඳවන බවයි.
“අපි තවත් සති දෙක තුනකින් මෙම දුරකතන මධ්‍යස්ථානය ඇති කිරීමට දේශීය සමාගම් වලින් යෝජනා කැඳවනවා. මෙහිදී, නිර්මාණශීලි අදහස් ලැබෙයි කියා විශ්වාස කරනවා. සමහරවිට මෙවැනි දුරකතන මධ්‍යස්ථානයක් වෙළඳ දැන්වීම් විකිණීම මගින් ලබන ආදායම් වලින් පමණක්ම ක්‍රියාත්මක කිරීමේ යෝජනාද ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් එයට අපිට මුදල් ලබා දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.“
යනුවෙන් ගොඩහේවා මහතා කීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2016 වසර වනවිට මෙරට සංචාරක කර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම ඉලක්කය වී ඇති බවත් එයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තය ශීඝ්‍ර දියුණුවකට ලක්වී තිබෙන අතර සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයෝජන කටයුතු පුළුල් වෙමින් ඇත.