මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ අදාල සමාගම් වල කොටස් හිමිකරුවන් මේ පිළිබඳ රජයට කරන ලද පැමිණිල ගණනාවක් විමර්ශණය කිරීමෙන් පසුවය. තමන්ට හිමි විය යුතු ලාභාංශ සමාගම් ප්‍රධානීන් විසින් විදේශවල රඳවා වෙනත් ව්‍යාපාරවල යොදවා ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ වෙත ලැබුණු පැමිණිලිවල සඳහන් බව වාර්තා වේ.
ඇතැම් සමාගම් එකවර ඩොලර් මිලියන 400ක පමණ ලාභාංශ ගෙවීම් පැහැර හැර ඇතැයිද සඳහන්ය. ශ්‍රී ලංකාවෙන් විදේශවලට විනිමය ගෙනගොස් ආයෝජන සමාගම් පවත්වා ඒවායින් රටට ලැබිය යුතු ලාභාංශ නොගෙවීම ගැනද මෙකී විමර්ශණවලදී තොරතුරු හෙළි වී තිබේ.
http://lankacnews.com/sinhala/news/23846/