August 21, 2012 at 4:08 pm | Lanka C News.
කොළඹ කොටස් වෙළඳපල දුෂණ වංචා කරන කූඨ ව්‍යාපාරිකයන් හා තැරැවුකරුවන් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාවට යැවූ බව තිලක් කරුණාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් සභාවේ හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා සිය ධුර කාලය තුලදී ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවද තොරතුරු කෝප් කමිටුවට බාර දී තිබේ.
කෝප් කමිටුව විසින් එම තොරතුරු ලබා දෙන ලෙස කල ඉල්ලීමකට අනුව මෙම තොරතුරු යවා ඇත.
අදාල වාර්තාවල චෝදනාවන්ට ලක්වූවන්ගේ නම් සහ චෝදනාද සඳහන්ව ඇතැයි කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටී.