මේ අනුව, මේ වසරේ අප්‍රේල් 11 දක්වා කාල සීමාව තුළ කොළඹ කොටස් වෙළඳ පොළට රුපියල් බිලියන 21 ක පමණ විදේශීය ආයෝජන පැමිණි බව ලංකා සිකියුරිටීස් සමාගම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
ගිය වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ විදේශීය ආයෝජකයින් ශුද්ධ වශයෙන් රුපියල් බිලියන 19.2 ක් වටිනා කොටස් විකුණා දැමීය.
2010 හා 2011 වසරවලදී විදේශීය ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිලදී ගත්තාට වඩා කොටස් විකුණා දැමූ අතර කොටස් මිල පහළ ගොස් තිබෙන නිසා මේ වනවිට ඉදිරියේදී මිල ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කරන සමාගම්වල කොටස් මිලදී ගැනීමට පටන් ගෙන තිබේ.
ළඟදීම සිදුවූ විදේශීය ආයෝජනය කිරීම් වලදී බැංකු වලට වැඩි ප්‍රමුඛත්වයක් ලැබී තිබෙන අතර කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව ඒවා අතර ඇත.
මීට අමතරව, ජෝන් කීල්ස් සමාගම, කාර්සන් කම්බබැච් හා ඩිස්ටිලරීස් යන සමාගම්වල කොටස් මිලදී ගැනීමට පසුගියදා විදේශීය ආයෝජකයින් කටයුතු කර තිබුණි.
මීට අමතරව, Lion Brewery හා Piramal Glass සමාගම්වල කොටස්ද විදේශීය ආයෝජකයින් මිලදීගෙන ඇතිබව සඳහන්ය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=4322&Itemid=56