ඔඩෙල් විලාසිතාගාරයෙන් කොටසක් නැගෙනහිර ආසියාව පදනම් කරගත් සමාගමක් විසින් මිලදී ගැනීමෙන් පසුව අදාළ සමාගම සමග විදේශීය රටවල ඔඩෙල් ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අදහස් කර තිබෙන බව එහි සමාරම්භකයා මෙන්ම ප්‍රධාන විධායක වරිය වන ඔටාරා ගුණවර්ධන කියයි.
මැලේසියාවේ, වියට්නාමයේ හා ඉන්දුනීසියාවේ සුපිරි සාප්පු සංකීර්ණ පවත්වාගෙන යන Parksons Retail Asia සමාගම පසුගියදා ඔඩෙල් සමාගමේ සියයට 41.8 ක කොටස් මිලදීගත් අතර ඒ සඳහා රුපියල් බිලියන 1.424 ක මුදලක් ගෙවා තිබුණි.
“සමාගමේ ඊළඟ අදියරේ වර්ධනය සඳහා අපි විවිධ විකල්ප පිළිබඳව සලකා බලමින් සිටිනවා. Parksons සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ලංකාවට අමතරව බංග්ලාදේශය, පාකිස්තානය හා ඉන්දියාව වැනි රටවල ව්‍යාපාරික කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තක් තිබෙන බවයි.“
“පැහැදිලිවම, මෙම සමාගමට මෙම කළාපයේ සුපිරි සාප්පු විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපිට බලන්න වෙනවා ඔඩෙල් ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට එකතු වී කිරීමට තිබෙන අවස්ථාවන් පිළිබඳව.“
යනුවෙන් ඔටාරා ගුණවර්ධන මහත්මිය අප සමග පැවසුවාය.
මේ අනුව, ඔඩෙල් වෙළඳ නාමයන් වෙනත් රටවල ප්‍රචලිත කිරීමේ සැලසුමක් සඳහා අවධානය යොමුව තිබේ.
“ඔඩෙල් වෙළඳ නාමයන් ලංකාවෙන් පිටතට රැගෙන යාමට මම හැම අවස්ථාවේම උත්සාහ ගන්නවා. මෙම මිලදී ගැනීමත් සමග ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.“
යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
“අපි අපේ වෙළඳ නාම වලින් ඉතාමත් ශක්තිමත්. එය අපේ වෙළඳාමෙන් හොඳ කොටසක් නියෝජනය කරනවා.“
ගුණවර්ධන මහත්මිය පැවසුවේ ඉදිරියටත් ඔඩෙල් සිය වෙළඳ නාම ගොඩ නැගීමට ඇප කැපවී සිටින බවයි.
මේ වනවිට, ඔඩෙල් ශාඛා 17 ක් ලංකාවේ තිබෙන අතර ගෙවුණු මාර්තු 31 වනදායින් අවසන් වූ 2011-2012 මුදල් වසරේදී සමාගම විසින් උපයා තිබෙන මුදල රුපියල් බිලියන 3.8 කි.
එම ආදායම් වර්ධනය ඊට ඉහත මුදල් වසර සමග සැසඳීමේදී සියයට 15 ක වර්ධනයකි.
ඔඩෙල් සමාගමේ මේ වනවිට සේවය කරන පිරිස 430 ක් පමණ වන බවත් සැපයුම් කරුවන් 1000 ක ගෙන් පමණ භාණ්ඩ මිලදී ගන්නා බවත් ඒ අතර දේශීය හා විදේශීය කර්මාන්ත ශාලා 200 ක් පමණ තිබෙන බවත් අනාවරණය වේ.
ඔඩෙල් පවසන්නේ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ තිබෙන එහි ප්‍රධාන සාප්පු සංකීර්ණයට දිනකට 3000 කට අධික ගනුදෙනු කරුවන් පිරිසක් පැමිණෙන බවත් එයින් සියයට 70-80 අතර පිරිසක් කුමන හෝ මිලදී ගැනීමක් කරන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1551466730