රජය විසින් ඊයේ දිනයේ රුපියල් බිලියන ගණනක මුදල් බැංකු ක්‍රමයට අළුතින් එක්කිරීම හේතුවෙන් බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙන අතර මෙහි අනාගත ප්‍රතිඵල පිළිබඳ තිබෙන අපේක්ෂා හේතුකොට ගෙන රුපියල යළිත් අවප්‍රමාණය වී තිබේ.
මේ අනුව, අද ඩොලරයක මිල රුපියල් 132.20/30 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර දිනය ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 131.20/50 ක් පමණ විය.
පසුගියදා නිකුත් කළ ඩොලර් බිලියනයක බැඳුම්කරයෙන් ලැබුණු මුදල් වලින් කොටසක් කෙටි කාලීන ණය ගෙවා දැමීමට රජය යොදා තිබෙන නිසා ඊයේ දිනය වනවිට බැංකු පද්ධතියේ තිබූ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 58 ක් දක්වා වැඩිවී තිබේ.
මීට පෙර විශ්ලේෂකයින් අවධාරණය කළේ රුපියල අව ප්‍රමාණය වීම වැලැක්වීමට මහ බැංකුව විසින් ඩොලර් විකිණීම හෝ භාණ්ඩාගාර බිල්පත් තොගය විකුණා දැමීම කළ යුතු බවයි.
ඊයේ දිනයේ ඇතිවූ අධි ද්‍රවශීලතා කම්පනයට පෙර මූල්‍ය ප්‍රතිපත්තිය රුපියලේ අගය සඳහා හිතකර වූ අතර මූල්‍ය වෙළඳ පොළවල අපේක්ෂාවන් ශක්තිමත් අඩියක පැවතුණි.
වෙළඳ පොළ සාමාජිකයින් විශ්වාස කළේ බැඳුම්කරයෙන් ලැබෙන මුදල් වලින් කොටසක් හෝ විනිමය වෙළඳ පොළවල අලෙවි කරනු ඇති බවටයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=614346852