විශ්ව විද්‍යාලයක් හා තරු තුනේ හෝටලයක් කොළඹ ප්‍රදේශයේ ආරම්භ කිරීමට පාකිස්තානු සමාගමක් උනන්දු වනබව අනාවරණය වේ.
මේ අනුව, පාකිස්තානය පදනම් කරගත් Lakhani සමාගම් සමූහයට අයත් Imperial builders (Pvt) Ltd සමාගමේ සභාපති නවීඩ් හුසේන් ලක්හනී පැවසුවේ කොළඹ නගරයේ අදාළ හෝටලය ගොඩනැගීමට සුදුසු ස්ථානයක් සිය සමාගම විසින් සොයා බලමින් සිටින බවයි.
මෙහිදී, හෝටලය සඳහා මූලික වශයෙන් ඩොලර් මිලියන තුනක ආයෝජනයක් කිරීමටත් ඩොලර් මිලියන පහක් මෝස්තර නිර්මාණය හා කළමනාකරණ අධ්‍යන උපාධි ලබාදෙන විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටත් යෙදීමට සමාගම සැලසුම් කර තිබේ.
මෙම ආයෝජන යෝජනා පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රතිචාරය ලැබෙන තෙක් සිටින බවද හෙතෙම කීය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොම්පඤ්ඤ වීදියේ පැල්පත් වාසී ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර සඳහා ඩොලර් මිලියන 25 ක ආයෝජනයක් කිරීමටද Imperial builders සමාගම පසුගියදා එකඟ වුණි.
පැල්පත් වාසී ජනතාව සඳහා අදාළ තට්ටු නිවාස සංකීර්ණය ඉදිකිරීමෙන් පසුව ඉතිරි වන ඉඩමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට සමාගම සූදානම් වේ.
Lakhani සමාගම් සමූහය පාකිස්තානය තුළ දේපොළ, ඉදිකිරීම්, ආයෝජන, ආධ්‍යාපන, හෝටල් කළමනාකරණය, ඇතුළු ව්‍යාපාරික කටයුතු කරයි.
මෙම සමාගම් සමූහය කරච්චි නගරයේ Iqra විශ්ව විද්‍යාලය හා පාකිස්තානයේ Asian Institute of Fashion Design, and the Asian Management Institute යන ආයතන පවත්වාගෙන යයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=124321208