සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබියදී දේශීය හා කළාපීය ගුවන් ගමන් කටයුතු ඉහළ යන නිසා සිය කුඩා ගුවන් යානා මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඉන්දියානු මහින්ද්‍රා සමාගමේ අවධානය යොමුවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ උපාය මාර්ගික අංශයේ ප්‍රධානී, ශිප්‍රකාශ් ශුක්ලා පැවසුවේ සිය සමාගම විසින් නිපදවන කුඩා ගුවන් යානා මගින් සංචාරකයින්ට ඉතාමත් පහසුවෙන් හා අනිකුත් ගුවන් ගමන් වලට වඩා අඩු පිරිවැයකින් සිය ගමනාන්ත වලට යෑමට හැකියාව ලැබෙන බවයි.
මහේන්ද්‍රා සමාගම් සමූහයට අයත් කුඩා ගුවන් යානා නිපදවන අංශය Mahindra Aerospace යනුවෙන් හඳුන්වන අතර ආසන පහේ, අටේ හා දහයේ තනි එන්ජිමක් සහිත කුඩා ගුවන් යානා මෙම සමාගම විසින් නිපදවන අතර ඒවා මේ වනවිටත් මැදපෙරදිග හා ඕස්ට්‍රේලියාවේ භාවිතා කරයි.
මෙවැනි ගුවන් යානයකින් පස් දෙනෙකුගේ සිට දහ දෙනෙක් දක්වා කුඩා කණ්ඩායමකට දේශීයව මෙන්ම දකුණු ආසියානු රටවල සංචාරය කළ හැකි බවත් ඒ සඳහා විශාල ගුවන් යානයක් භාවිතා කිරීමට වඩා එය ආර්ථික වශයෙන් ලාභදායී බවත් ශුක්ලා කියයි.
මේ වනවිටත්, මෙම සමාගම විසින් නිපදවූ ආසන අටකින් යුක්ත GA8 Airvan වර්ගයේ ගුවන් යානයක් මෙරට Deccan Aviation සමාගම විසින් ලබාගෙන තිබේ.
ඩොලර් බිලියන 15.4 ක වටිනාකමක් සහිත ඉන්දියානු මහින්ද්‍රා සමාගම මෙරට වාහන වෙළඳ පොළටද පිවිසී සිටින අතර මෙරට යතුරු පැදි වෙළඳ පොළට හා වාහන සඳහා මූල්‍යන පහසුකම් ලබාදීමටද සූදානම් වේ.
චරිතා ප්‍රනාන්දු
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=772044916