මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී බිල්පත් පොලී අනුපාත තවදුරටත් පහළ ගිය අතර පදනම් අංක 52 කින් සියයට 12.48 ක් දක්වා වැඩිපුරම පහළ ගියේ අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 30 කින් පහළ ගොස් සියයට 11.30 ක් වෙද්දී මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 48 කින් පහළ ගොස් සියයට 12.10 ක්වී තිබේ.
රුපියල් මිලියන 700 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 2.45 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 9.8 ක් වටිනා අවුරුද්දේ බිල්පත්ද විකුණූ බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1450871478