අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දිගු කාලීන බිල්පත්වල පොලී අනුපාත ඉහළ ගිය අතර අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 09 කින් ඉහළ ගොස් සියයට 12.65 ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මාස හයේ බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 05 කින් ඉහළ ගොස් සියයට 12.02 ක් වෙද්දී මාස තුනේ බිල්පත් පොලිය සියයට 10.68 ක් ලෙස නොවෙස්ව පැවතුණි.
රුපියල් බිලියන 1.0 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 6.5 ක් වටිනා මාස හයේ බිල්පත්ද රුපියල් බිලියන 3.0 ක් වටිනා අවුරුද්දේ බිල්පත්ද විකුණා තිබේ.
මේ අතර, විදේශ විනිමය වෙළඳ පොළේ ඩොලරයක මිල රුපියල් 130.75/85 ක් දක්වා ඉහළ ගිය අතර දිනයේ එක්තරා අවස්ථාවක එය රුපියල් 130.95 ක් ලෙසද සටහන් විය.
පසුගියදා ඩොලරයක මිල රුපියල් 128.50 ක් දක්වා පහළ ගොස් තිබුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2086888952