(13/05/14)- අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මේ රටේ අංක එකේ ධන කූවේරයකි වන ධම්මික පෙරේරා ගේ සහ රවි විජේරත්න යන කැසිනෝ ක්‍රියාධරයන්ගේ ඉරණම විසදෙන අතීශය තීරණාත්මක තීන්දුවක් එජාප නායකත්ව මණ්‌ඩලය පෙරේදා (12 දා) රැස්‌වූ අවස්‌ථාවේ එළැඹ ඇත.
මේ අනුව,ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව පවතින සියලුම කැසිනෝ ශාලා අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේදී තහනම් කිරීමට එජාප නායකත්ව මණ්‌ඩලය තීරණය කර ඇතැයි එහි නායකත්ව මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසිය.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන සියලුම කැසිනෝ ශාලා තහනම් කිරීමටත් අනාගතයේදී කැසිනෝ ශාලා ඇති කිරීමට ඉඩ නොදීමටත් පක්ෂය තීරණය කර ඇතැයිද සදහන්ය.
http://www.randora.lk/index.php/latest-news/item/2732