Friday Markets-ශ්‍රී ලංකා ටෙලිකොම් රැල්ලේ හේතුව මෙන්න!වෙළෙඳ පොළ සෘණාත්මකව සතිය අවසන් කරයි.
(www.randora.lk-11/07/14)- ශ්‍රී ලංකා ටෙලිකොම් විෂයෙහි මැලේසියානු ආයෝජන පරිණත අදියරකට ළගා වි ඔවුන් එයින් ඉවත්ව යන බවට පැතිර යන ආරංච් හා කට කතා හමුවේ අද දිනයේ ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක අගය රුපියල් 57.20 දක්වා පසුගිය සති 52 ක කාලයේ ඉහළම අගයකට මිළ තීරණය වනු දක්නට වු බව තැරුවිකරුවෝ කියති.
අද මෙහි කොටස් මිලියන 1.7 ක් හුවමාරු වෙමින් දිනය අවසන කොටසක අගය විකුණුම් පිඩනය හමුවේ රුපියල් 56 ක් විය.
කෙසේවෙතත්,මේ පැතිර යන කතා වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් අදාල පාර්ශව රන්දොරට මෙසේ කියා සිටියේය.
පසුගිය 2008 අප්‍රේල් මස මැලේසියාවේ Usaha Tegas Sdn Bhd ("UT") අනුබද්ධිත Global Telecommunications Holdings N.V. ("GTH") විසින් එදා කොටසක් රුපියල් 50.50 කට මිළදි ගනිමින් සිදු කළ මෙම ආයෝජනයේ පරිණත අදියරට පැමිණ ඇති බව ඇත්ත.නමුත් අප දන්න තරමින් අදාල කොටස් විකුණා දැම්ම සම්බන්ධයෙන් සුදුසු අර්පණයක් කිසිවෙකුගෙන්වත් අදාල පාර්ශ්වයට ලැබි නැහැ. Usaha Tegas මෙම කොටස් විකුණා දැම්ම පිළිබඳවත් කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැහැ.
අනෙක් අතට ,ශ්‍රී ලංකා ටෙලිකොම් විෂයෙහි ගණු-දෙනු වන කොටස් ප්‍රමාණය සාපේක්ෂව කුඩයි.රජයේ සියයට 49.5 හා මෙම මැලේසියානු පාර්ශ්වයේ සියයට 44.98 හැරුණු විට මෙහි මහජන අයිතිය ඇත්තේ සියයට 5.52 යි.එයිනුත් රාජ්‍ය අරමුදල් ,රාජ්‍ය සංස්ථා හැරුණු කළ ගණු-දෙනු වන ප්‍රමානය තවත් අඩුයි.මෙම අඩු ද්‍රවශිලතා තත්ත්වය නිසා විවිධ කතා හමුවේ මේහි මිළ උච්ඡාවචනය කිරිම ඉතා පහසුවෙන් කරන්න පුළුවන්.මේ ඇතිව ඇති තත්ත්වය එවැන වටාපිටාවක සිදු වුවක් යැයි කිව හැකියි.කෙසේවෙතත්,වෙළෙඳ පොළ දර්ශක අගයේ ඉහළ යාමට මේ දිනවල ශ්‍රී ලංකා ටෙලිකොම් විශාල වශයෙන් පිටුවහලක් වි තිබෙනවා.
මේ සියළු කතා මැද කොළඹ කොටස් වෙළෙඳ පොළ සියළු කොටස් මිළ දර්ශකය ඒකක 6700 අද පසුකලද පසුව දිනය අවසන කාර්සන්ස්,කොමාර්ෂල් බැංකු,හැටන් නැෂනල් බැකු,DFCC,ඩයලොග් හි ආයෝජක ලාභ නෙලිම් මැද ඒකක 7.46 කින් පහළ යමින් ඒකක 6661.40 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 26.98 කින් ඉහළ යම්න් ඒකක 3708.16 ක් ද විය.දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.6 ක් විය.
පසුගිය දිනවල ඉහළ නැගුන බැංකු කොටස් රැල්ල අද පහළ ගියේ Commercial Bank Voting (-1.5%) සහ Non-Voting (-2.7%), Sampath Bank (-1.7%), Hatton National Bank Voting(-1.8%) සහ Non-Voting (-2.7%), Seylan Bank Voting (-2.6%) සහ Non-Voting (-2.3%) අයුරිණි.
අද වාර්තා වු ගිවිසගත් ගණු-දෙනු අතරේ ටෙක්ස්ටර්ඩ් ජර්සි කොටස් මිලියන 6.5 ක් කොටසක් රුපියල් 19.50 බැගින් හුවමාරු වු ගණු-දෙනුව ප්‍රධාන විය.සාමාන්‍ය පුවරුවේද මෙහි කොටස් මිලියන 8.3 ක් හුවමාරු වෙමින් පිරිවැටුමට සමස්ත රුපියල් 288.4 ක ඉහළම දායකත්වය ලබා දිණි.DFCC කොටස් මිලියනයක්ද කොටසක් රුපියල් 162.50 බැගින් ගිවිසගත් ගණු-දෙනුවක් මගින් හුවමාරු විය.
විදෙස් ගැණුම් රුපියල් මිලියන 331.4 ක්ද විකුණුම් රුපියල් මිලියන 230.5 ක්ද වු අතරේ බහුලව ගණු-දෙනු වු කොටස් අතරේ Textured Jersey Lanka LKR288.5 mn (USD2,215.1k, +1.0%),John Keells Holdings LKR218.0 mn (USD1,673.7k, +0.0%), DFCC Bank LKR163.8 mn (USD1,257.8k, -2.0%), Sri Lanka TelecomLKR95.5 mn (USD733.7k, +7.7%) සහ Sampath Bank LKR63.4 mn (USD486.8k, -1.7%) ප්‍රධාන විය.