සමූහ ආදායම රුපියල් බිලියන 27.50 ක් දක්වා ඉහළයමින් 11%ක වාර්ෂික වර්ධනයක් ළඟා කරගෙන තිබේ. ශ්‍රී ලංකා රුපියලේ අගය අඩුවීම සමූහයේ බදු පෙර ආදායම (PBT) සහ බදු පසු ආදායමට (PAT) අවාසිදායක අන්දමින් බලපෑම තවදුරටත් පැවැති අතර මෙයට මූලිකවම සමූහයේ පරිපාලිත ජංගම දුරකථන උප සමාගම වන මොබිටෙල් ඇමරිකානු ඩොලරයට නිරාවරණය වීම හේතු වුණි. විදේශ විනිමය පරිවර්තන අලාභය සහිතව සමූහ මට්ටමේ බදු පෙර ලාභය රුපියල් බිලියන 2.05 ක් දක්වා 37% කින් අඩු වූ අතර බදු පසු ලාභය රුපියල් බිලියන 1.06 දක්වා 56% කින් අඩු විය. කෙසේ වෙතත් සාමාන්‍යකරණයෙන් පසු (පරිවර්තන සඳහා හුවමාරු අලාභයෙන් තොරව) බදු පසු ලාභය රුපියල් බිලියන 3.95 ක් ලෙස 24% ක වර්ධනයක් සහ බදු පසු ලාභය 26% ක වාර්ෂික වර්ධනයක් සමගින් රුපියල් බිලියන 2.97 ක් ලෙස සමූහය ආකර්ෂණීය ප්‍රතිඵල පෙන්නුම් කරන ලදී.
2012 පළමු අර්ධ වර්ෂය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ස්ථාවර හා ජංගම බ්‍රොaඩ්බෑන්ඩ්, අන්තර්ජාල රූපවාහිනි සේවාව (IPTV), ජංගම ජාල ව්‍යාප්තිය සහ මෙගාලයන් ස්ථාවර පාරිභෝගිකයින් සඳහා අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් සම්බන්ධතාවක් ලබාදීමට විශේෂයෙන් සැලසුම් කළ සමිරස Lanka ව්‍යාපෘතිය ඇතුළු උපායමාර්ගිකව වැදගත් අංශ ගණනාවක රුපියල් බිලියන 7.9 ක මුදලක් ආයෝජනය කරන ලදී. මෙම ආයෝජන දේශීය සහ ජාත්‍යන්තර විදුලි සංදේශන වෙළෙඳපොළ තුළ සමූහයේ පිය සටහන් සහ හැකියාවන් ඉහළ නංවනු ඇත.
2012 වසරේ පළමු අර්ධ වාර්ෂික ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ, ජාතික සන්නිවේදන සහකරු වශයෙන් අසම සම සේවා එකතුවක් ලබාදෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන ක්ෂේත්රය ඊළඟ අදියර දක්වා ඉදිරියට ගෙන යැමට නායකත්වය ගෙන කටයුතු කරනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ විදුලි සංදේශන ක්ෂේත්රය නගාසිටුවීම තුළින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විශාල දායකත්වයක් ලබාදී තියෙනවා සේම තොරතුරු තාක්ෂණයෙන් සවිමත් රටක් බිහිකිරීමේ ජාතික දැක්ම සමග සමූහයේ දැක්ම එකතු කරමින් අනාගතයේදී එම ඉලක්කය සාර්ථක කරගැනීමට තවදුරටත් අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙහෙයුම් පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2012 පළමු අර්ධ වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම්කර ඇති අතරම 2012 මූල්‍ය වර්ෂය සඳහා ද සමූහය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව මට විශ්වාසයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් මව් සමාගම 2006 පටන් ඉහළම පළමු අර්ධ වාර්ෂික ආදායම් වර්ධනයක් සහිතව 7.3% ක ආදායම් වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 17.15 ක ආදායමක් වාර්තා කර ඇත. මෙම ආදායම් වර්ධනය ස්ථාවර, බ්‍රොaඩ්බෑන්ඩ්, පියෝටීවී (PEOTV), තොග වෙළෙඳාම, ව්‍යවසායක සහ ජාත්‍යන්තර ආදී සාම්ප්‍රදායික නොවන ආදායම් ප්‍රභවයන් මගින් අත්පත් කරගන්නා ලදී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ බදු පෙර ආදායම රුපියල් බිලියන 2.73 ක් දක්වා 16% ක් ලෙස වර්ධනය වී ඇති අතර බදු පසු ආදායම රුපියල් බිලියන 2.04 ක් ලෙස 16% කින් වර්ධනය වී තිබේ. සමාගමේ පොලිය, බදු, ක්ෂයවීම් සහ ලියාහැරීම්වලට පෙර ඉපැයීම් (EBITDA) ආන්තිකය 2011 අදාළ කාල සීමාවෙහි වූ 35% සිට 32% දක්වා අඩු වී ඇති අතර ජාත්‍යන්තර විදුලි සංදේශන බදු ඉහළයැම, බලශක්ති පිරිවැය, සෘජු සහ මෙහෙයුම් පිරිවැය සඳහා විදේශ විනිමයේ බලපෑම සහ අභ්‍යන්තර වියදම් ඉහළයැම් වැනි කරුණු ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
සමූහයේ ප්‍රධානතම පරිපාලිත උප සමාගම වන මොබිටෙල්, සිය පළමු අර්ධ වාර්ෂික ආදායම් රුපියල් බිලියන 11.74 ක් දක්වා 12% ක වර්ධන වේගයක් අත්පත් කරගත් අතර ආදායම් වර්ධනය හා පිරිවැය ප්‍රශස්තිකරණ ක්රමෝපායන් තුළින් 2011 නිශ්චිත කාලසීමාව තුළ පොලිය, බදු, ක්ෂයවීම් සහ ලියා හැරීම්වලට පෙර ඉපැයීම් (EBITDA) ආන්තිකය 31% සිට 33% දක්වා ඉහළ නංවා ඇත. මෙහෙයුම් ලාභය 27% ක ආකර්ෂණීය වර්ධනයක් සමගින් රුපියල් බිලියන 1.42 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් 2012 පළමු අර්ධ වර්ෂය සඳහා දැරීමට වූ රුපියල් බිලියන 1.99 ක විනිමය අලාභය රුපියල් මිලියන 987 ක බදු පසු අලාභයකට හේතු විය. විනිමය පාඩුව ඉවත් කිරීමෙන් කළ සාමාන්‍යකරණයෙන් පසු රුපියල් බිලියන 1.27 ක බදු පෙර සහ රුපියල් බිලියන 1 ක බදු පසු මොබිටෙල් ලාභ පිළිවෙළින් වාර්ෂිකව 45% ක් සහ 55% ලෙස ඉහළ ගොස් ඇත.
http://www.divaina.com/2012/08/19/economic01.html