තෙල් මිල සීඝ‍්‍රයෙන් පහත වැටීම හෝ රූබලය අවප‍්‍රමාණය වීම ආදිය ඒවා හසුරුවන්නාටම පාරාවළල්ලක් නොවනු ඇතැයි වගකියන්නට බැරි තරමටම නූතන ලෝකය අන්තර්සම්බන්ධිත බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ බලශක්ති නිෂ්පාදිතයින් කුණු කොල්ලයට අලෙවි වීම යමෙකු උවමනාවෙන් හසුරුවන්නක් නම් මතුවන ගැටළුකාරීත්වයන් රුසියාවට පමණක් නොව තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් සියලූදෙනාටම මුහුණ පාන්නට වීම සිදුවන බවයි.
තෙල් මිල පහළ යාමට ප‍්‍රධාන හේතුව වන්නේ ඇමරිකාව විසින් ශල්ක ඉන්ධන සහ ගෑස් නිෂ්පාදනය කිරීම බව පුටින්ගේ අදහසයි.
තෙල් බැරලයක් ඩොලර් 65-83 මට්ටමට ඇද වැටී ඇති විටදී ශල්ක ගෑස් නිපැයුම ලාභ රහිත වන බවද ඔහු පවසා තිබේ.
ලිබියාවේ සහ ඉරාකයේ තෙල් සැපයුම ඉහළ යාම, අයිසිස් සංවිධානය විසින් ඩොලර් 30කට තෙල් බැරලයක් අලෙවි කිරීම, සවුදි අරාබිය සිය තෙල් නිපැයුම සහ පරිභෝජනය ඉහළ නංවා තිබීම ආදී වාස්තවික හේතූන්ද තෙල් මිල පහත වැටීමට බලපා ඇති බව රුසියානු ජනාධිපතිවරයා දක්වා ඇත.
රුසියානු ආර්ථිකය හා රූබලය අවප‍්‍රමාණය වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තෙල් මිල පහළ යාම අපේක්‍ෂා කළ තරම් ප‍්‍රබල පහරක් නොවනු ඇති බවයි.
සමාජ අර්බුද විසඳීම පිළිබඳව තමන් විශ්වාසයෙන් පසුවන බවත් ආරක්‍ෂක කර්මාන්තය තුළ ආනායන ගැටළු සඳහාද විකල්ප සෙවීමට හැකිවනු ඇති බවත් ඔහු පවසා තිබේ.