මේ වනවිට රට තුළ පවතින අඩු පොලී අනුපාතය දිගු කාලීනව පවතිනු ඇති බවත් එය වැඩිවීමේ සාධක නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.
මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග සඳහන් කළේ පොලී අනුපාතය තවදුරටත් අඩුකිරීමේ හැකියාවක් තිබෙන බවයි.
වර්තමානයේ උද්ධමනය ඉතාමත් පහළම අගයක් දක්වා අඩුවී තිබීම ඇතුළු ආර්ථික කරුණු පොලී අනුපාතය අඩු මට්ටමක පවත්වාගෙන යාමට අනුබලයක් ලබාදී ඇතැයි කබ්රාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකුව විසින් පසුගිය කාලයේ සිය මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාත අඩු කිරීමට මග පෑදූ අතර වාණිජ බැංකු විසින් ක්‍රම ක්‍රමයෙන් පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කරන ලදී.
මේ හේතුවෙන් මෙරට පොලී අනුපාතවල සැලකිය යුතු අඩුවීමක් මේ වනවිට දකින්නට තිබේ.