මේ අනුව, අනාවරණය වන්නේ මෙම සමාගම් තුන විසින් මාලදිවයිනේ ක්‍රියාත්මක Bodufaru Beach Resort (Private) Limited නැමති සමාගම මිලදීගත් බවත් මෙම සමාගම් තුන විසින් මෙහිදී සමාන හිමිකමක් ගත් බවයි.
පාම් ගාර්ඩ්න් හොටෙල්ස් පී.එල්.සී. සමාගම, ඊඩ්න් හොටෙල් ලංකා පී.එල්.සී. සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් මෙහිදී එකක් ඩොලර් 100 ක් බැගින් වන කොටස් 5000 ක් බැගින් මිලදීගෙන තිබේ. මේ නිසා, Bodufaru Beach Resort (Private) Limited සමාගමේ කොටස් වලින් සියයට 33.33 ක් බැගින් මේ වනවිට මෙම සමාගම් තුනටම අයත් වන අතර එම සමාගම් තුන විසින් මේ සඳහා වෙන් වෙන් වශයෙන් ආයෝජනය කර තිබෙන මුදල ඩොලර් 500,000 කි.
මෙම සමාගම මිලදීගැනීම තුළින් පාම් ගාර්ඩ්න් හොටෙල්ස් පී.එල්.සී. සමාගම, ඊඩ්න් හොටෙල් ලංකා පී.එල්.සී. සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම බලාපොරොත්තු වන්නේ මාලදිවයින තුළ හෝටලයක් ගොඩනැගීමටයි.
SOURCE-http://www.adaderana.lk/biz/ලංකාවේ-ඒකාබද්ධ-සන්ධානයක්/