ලංකා හොස්පිටල්ස් සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති මූල්‍ය වංචා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවත්වාගෙන යන පරීක්ෂණවලදී කොළඹ කොටස් වෙළඳපොලේ සිදුවූ මහා පරිමාණ වංචා පිළිබඳවද හෙළි වෙමින් තිබේ. ඉන්දියාවට අයත්ව තිබූ ඇපලෝ පුද්ගලික රෝහල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මුදල් යොදවා කොටස් මිලට ගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ යටතේ එම පුද්ගලික රෝහල පාලනය විය.
එහි කොටස් මිලට ගැනීමේදී විශාල වංචාවක් සිදු වීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ පැවැත්වේ. ඒ අතර හෙළි වී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොලේ පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ මහා පරිමාණ මූල්‍ය ජාවාරම්වලට ශ්‍රී ලංකා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ. ශ්‍රී ලංකා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සහ තිලක් කරුණාරත්න මහතා ඉල්ලා අස්විය.
ඔවුන් මෙසේ ඉල්ලා අස් වූයේ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ප්‍රබලයින් විනිමය කොමිෂන් සභාව හරහා කොටස් වෙළඳපොළ ජාවාරම් සිදු කිරීම වැළැක්වීමට උත්සාහ ගෙන එය අසාර්ථක වූ පසුවය. මෙහි විශේෂත්වය වනුයේ ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ බිරිඳ වීමය. මෙම සභාපතිවරුන් පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. එහෙත් සභාපති තනතුරේ කටයුතු විනිවිද භාවයකින් පවත්වාගෙන යාමට රාජපක්ෂ පවුල ඇතුළු මූල්‍ය ජාවාරම්කරුවන් ඉඩ නොදුන් නිසා මෙම දෙදෙනා ඉල්ලා අස් විය.
ලංකා ටෘත්
Honda wedai