FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by bkasun Tue Apr 30, 2024 8:48 pm

» COCR IN TROUBLE?
by bkasun Tue Apr 30, 2024 8:43 pm

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

මොකද උනේ - මට පේන හැටි

+5
ranferdi
nalaka_sg
nimantha80
soileconomy
Thushara Ayya
9 posters

Go down  Message [Page 1 of 1]

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Some people wanted to know why I see negative side always these days....and what my idea about future  

I cannot predict. This is an study only.  
I do not believe a big crash at the moment.




මාකට් එක ගැන හරියට කියන්න කාටවත් බැහැ.  කොළඹ​ වැනි ඉතා කුඩා මාකට් එකක් අවශ්‍ය නම් ආයෝජන සිද්ධාන්ත පැත්තක දා ඕනෑම වෙලාවක ඉහල යවන්න හැකි යි.

නමුත්  ඇත්ත​ ආයෝජකයන් මුදල් යට කරන්නේ එම මාකට් එක තියෙන රටේ තත්ත්වය ගැන   සලකා බලායි.  

ආර්ථික වර්ධනය සඳහා  පැහැදිලි හේතු පෙනෙන විට ආයෝජකයන් බිය නැතුව මුදල් යොදවනව​. එවිට ඉල්ලුම වැඩිවී මිළ මට්ටම් ඉහල යනව​.
ඒ වගේම ඉතාම නරක ආර්ථික තත්ත්ව නිසා කිසිම බලාපොරොත්තුවක් නොමැති තත්ත්වයට පත්වී මිළ මට්ටම් අඩියටම කඩා වැටුන විටත් ආයෝජකයො එනව ඉදිරි කාලය ගැන අවදානමක් අරන් මුදල් යොදවන්න​.

අද ඒ අන්ත දෙකම නැති වැට උඩ කාලයක් ලෙස තමයි  පේන්නේ. දෙපැත්තෙන් කොයි පැත්තට හරි යන්න පුලුවන්.

නමුත් මේ වසර තුල සිදුවූ සිදුවීම් දෙස බලන විට සාධාරන බියක් තියෙනව ඉදිරියේත් මේ යන විදියට ගියොත් ආර්ථික අහේනි තත්ත්වයකට රට ඇදගෙන යයිද කියා.

මෙය පොලිටික්ස් නිසා අන්ධ  වීමක් නොවේ.

 මීට වසර කිහිපයකට පෙර කලින් පාලනය යටතේ EPF මුදල් කොටස් සෙල්ලම් දමා යහලුවන් අතර බෙදා ගන්නා අවස්ථා වලම මා, Innam හා තවත් අය බ්ලොග් වල එලිපිට  දිගින් දිගට සටන් කළා.   පසු කාල වල ඒ ගැන උනන්දු වූ අය දන්නෙ වත් නැති කාලෙ. ඒ වගේම පලැටිනම් පතල් පෙන්නලා  ග්‍රෙග් හොරු මහජන මුදල් කොල්ල කන විටත් අපි  ඒ ගැන අනතුරු අඟවා ලිව්ව​. ඒ කාලෙ GREG 100/- ට  යන කාලෙ. එක අයෙක් මට ඊ මේල් එව්වා ලංකාවෙ හොඳම ව්‍යාපර කොටස (share) ගැන මෙසේ ලියා මාකට් එක වට්ටන්න හදන්නෙ මොකද කියා.

කෙසේ වූවත් මාකට් එකට බලපාන අද කාලෙ රටේ තත්ත්වය ගැන මට පේන ලෙස :  

පසුගිය රජය පෙරලා නව පාලනයක් ඇති කරන්න කලේ එසේ මෙසේ සටනක් නොවේ.   සමහරකු එය සැලකුවේ ජීවිතය හා මරණය අතර සටනක් ලෙසය​.

එම පෙරලියට එක්වූ බලවේග අතර​,

1. පැවති ක්‍රමයේ දුර්දාන්ත දේ ගැන කළ කිරුණු සත්‍යවාදී බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් හා  ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ බුද්ධිමතුන්

2. අවංක අදහස් ඇති දේශපාලකයන්

3. අවංක මාද්‍ය වේදීන්

4. ජීවන ගැටලු නිසා මූල්‍යමය සහනයක් බලාපොරොත්තු වූ රජයේ හා පුද්ගලික අංශයේ සේවකයන් හා වෙනත් අය​.
5. පැවති රජයේ පාලනය පමණක් දැක තිබූ ඒ ගැන කළ කිරී සිටි අවංක තරුණ කොටස්   ( යූඑන්පී / චන් ද්‍රිකා සෙල්ලම් ගැන අත්දැකීම් නැති අය​​)

6. රාජපක්‍ෂ පාලනයෙන් වාසි හා බලය අහිමි වූ දේශපාලකයන්  
7. රාජපක්‍ෂ පාලනයෙන් වාසි අහිමි වූ ව්‍යාපාරිකයන්
8. රාජපක්‍ෂ පාලනයෙන් වාසි ලබමින් සිටි ව්‍යාපාරික අවස්ථා වාදීන්
9.  රාජපක්‍ෂ පාලනයෙන් වාසි ලබමින් සිටි දේශපාලන අවස්ථා වාදීන්

10. බුද්ධිමතුන් ලෙස පෙන්වමින්  තම මතයන් වෙනුවෙන් විවිධ කල්ලි සෑදී කලින් කලට මහත් ලාභ ප්‍රයෝජන ලබා ගන්නා  අය      
11. යටි අරමුණු කල්ලි 1 (වර්ග වාදී )
12. යටි අරමුණු කල්ලි 2 (ආගම් වාදී)
13. යටි අරමුණු කල්ලි 3 (කලාපීය දේශපාලන )
14. යටි අරමුණු කල්ලි 4 ( ලෝක දේශපාලන​)
15. යටි අරමුණු කල්ලි 5 (මාද්‍ය මාෆියා ව්‍යාපාර​. )

16. රාජපක්‍ෂ පවුල ගැන ඇතිවූ පුද්ගලික වෛරය නිසා  එක්වූ අය​. (මූල්‍යමය​/ තනතුරු හා වෙනත්)
17. රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ගැන හිතා මතා ප්‍රචාරය කළ  අතිශයෝක්ති නිසා (කාර් හා කාර් රේස්, ගුවන් යානා​, කොල්ලන් තුන් දෙනා ගේ විනෝද වීම්, මුදල් ගැන කතා ... )  ඉරිසියා සහගත මානසිකත්වය​ නිසා එකතු වූ අය.​
18. එ.ජා.ප​. පාලනයක් ගැන සිහින මවමින් සිටි අන්ධ භක්තික පරම්පරා ගත පාක්‍ෂිකයින්. (යූ එන් පී එකෙන් ප්‍රභාකරන් ආවත් චන්දේ දෙන අය​)
19. මේ කිසිත් නැතුව ඔහේ වෙනසක් අපේක්‍ෂාවෙන් රැල්ලට ආ අය​. (වෙනසක් අපෙක්‍ෂාව මිනිස් සිතේ ස්වභාවය වන අතර එය  හැම විටම තම සිතැඟි අනුව   සිදු වේ යැයි මනෝ රාජිකව  නිර්මාණය වේ. )  


.. ආදී ලෙස හඳුනා ගත හැක​.

මේ විවිධ කණ් ඩායම් අතර මූලිකව ක්‍රියා කලේ පැවති රජයේ පිලිගත නොහැකි විකෘති හා අවලං ක්‍රියා  ( දඬුවම් නොලබන ප්‍රාදේශීය දේශපාලක වසවර්තියන්ගේ වැඩ , වානිජ ක්‍ෂෙත්‍රයේ සම අවස්ථා නැති වීම්, මැර බලයෙන් වින් කරන අය ගේ වැඩ   ආදිය​) නිසා සාධාරණ සමාජයක් අපෙක්‍ෂාවෙන් එක්වූ අයයි.  

ජනවාරි 8 විප්ලවය​ කැපී පෙනෙන වැඩ කොටසක් වූයේද ඒ අයගේ අතිනි.

නමුත් අවාසනාවකට මෙන් ප්‍රතිශතයක් ලෙස ඒ අය අඩු සංඛ්‍යාවක් වූ බව අප ගේ එදා මෙදා පිලිගැනීමයි.

වැඩි ප්‍රතිශතයක් වූයේ (ඉහත 6 - 15 දක්වා වූ ) යටි අරමුණු තබාගෙන අවස්ථාවාදීව එක්වී ඉහත බුද්ධිමතුන්ටත් වඩා කැපවීමක් ක්‍රියාශීලී බවක් පෙන්වමින් තම සුපුරුදු නාටක රඟ දැක්වූ කොටස් ය​. ඔවුන් කරන්නේ පෙරලියකට ලංවී එහි බලවත් කොටස් කරුවන් ලෙස ස්ථාපිත වීමය​.    තමන් පසුපස ඇති බලවත් මූල්‍ය සැපයුම මෙහිදී දැඩිලෙස යොදා ගැනේ. එය ඇත්තටම අනාගත ආයෝජනයකි.

අප මේ යහපාලන අනාගතය ගැන එදා සිටම සැක පහල කර ලිවේ මෙන්න මේ අය ගැන තිබූ වසර 30-35 ක තරම් වූ
අත්දැකීම් නිසාය​. අවංක අයව දඩ මීමා කර ගනු ඇති බව අප දැන සිටියේ පෙරලියට එක් වූ අනෙත් අයගේ කැරැට්ටුව දන්නා නිසාය​.

අද  සිදුව ඇත්තේ අප සිතූ ලෙසටත් වඩා අන්ත ලෙස සාධාරනත්වය වෙනුවෙන් ඉදිරිපත්වූ අවංක කොටස් අබිභවා යටි අරමුණු කාරයන් බලය පැතිරවීමය​. සෝභිත හිමියන් , ව්‍යපාරික බුද්ධිමතුන්, සමහර කලා කරුවන් ඇතුලු නියම සාධාරන සමාජයක් පැතූ අයගේ  කර පිට​ මේ අය තමන්ට රිසි තැනට ගොස් ඇත​.

එය අහම්බයක් නොවේ.
බල සම්ප්‍රයුක්‍තයක් ගැන ගති විද්‍යාවේ ඉගැන් වේ.
යහපාලන පෙරලියට එක්වූ කොටස් වලින් නියමාකාර  අවංක කොටස් අත තිබූ  බලය යුග පෙරලියේ දී දැවන්තයන් සේ පෙනුනද ( හෝ උලුප්පා දැක්වුනද, භාවිතා කලද​)​ ප්‍රමාණාත්මක වශයෙන් ඉතා අවමයි.  
විවිධ යටි අරමුණු සඳහා එක් වූ අය හා රටේ ධනය මංකොල්ල කෑම ජන්ම පුරුද්ද කරගත් අය ගනනින් හා හැකියාවෙන් බලවත් ය​.  
සුලු බලය විතැන් වී වැඩි බලය  බල වත් වීම ස්වභාවයයි. නව තත්ත්වයට  ගැලපෙන අය පසුව වරින් වර එකතු වීය​ .
මේ සියල්ලන්ට​ තම සැඟවුන කෙටි කාලීන හා දිගු කාලීන​ අරමුණු මිස රටේ වර්ධනයක් ඇවැසි නැත​.

මෙසේ කියන්නේ දකින්නේ මා පමණක් නොවේ .
යහපාලනයට මුල් ගල් තැබූ විද්වතුන් අද තක්බීරී වී සිටිති. අප හිතවත් සමහරු අප සමග පවා කතා කිරීමට ලැජ්ජාවෙන් මඟ හරිති. නමුත් ලැජ්ජා වන්නට දෙයක් නැත​. තමන් අවංක සිතින් කළ දේ වෙනතක ගොස් ඇත​.

යහපාලන රජ  පෙරලියේ උරුමකාරයන් වන කිහිප දෙනෙක් ගේ අදහස් මෙසේය​.
නම් සහිතව සඳහ න් කරන්නේ මෙය මේ සතියේ ඉරිදා ලංකාදීපයේ උපුටා ගැනීමක් නිසාය​.

දිනේශ් වීරක්කොඩි මහතා


මේ වැඩේට මහන්සි උන අය දන්නවා මේ ජයග්‍රහනයේ වටිනාකම​.
හැබැය් මේකට අන්තිමට එකතු වෙලා තනතුරු ගත්ත අයට මේ (වෙනසේ) වටිනාකම තේරෙන්නෙ නෑ. ඒ අය කොහොමත් එකයි කියල පරන පුරුද්ද කරනව​.
පැරිචුට් කාරයන් ට අප කළකැපවීම ගැන හැඟීමක් නෑ. සෝභිත හාමුදුරුවන් ගේ කළකිරීම සාධාරනයි.
අපි හොඳටම දන්නව   කකුල් දෙපැත්තෙ තියාගෙන ඩීල් දාපු අය​. දැනුත් ඒ වගේ ලොකු ඩීල් සිදුවෙනවා ඇති.  
සාකච්චා වලදී රාජිත කිව්වා යූඑන්පී එකේ පරන ටීම් එක ගේන්න නම් එපා. එහෙම උනොත් 2001 සිද්ධ උන දේ තමයි වෙන්නෙ . නමුත් පරණ ටීම් එකේ ගොඩක් අය ආව​.
ඒකෙ අහිතකර ප්‍රථිඵල අද භුක්ති විඳිනව​.



කපිල රණසිංහ මහතා​:


මේක තමයි රට පරිවර්තනය කරන්න ලැබුන හොඳම අවස්ථාව​. ඒක මඟ ඇරුනොත් අපරාදේ. ඒත් අගමැති තුමාට ඒ සඳහා අවශ්‍ය ටීම් එක ලැබිලා තියෙනවාද යන්න ප්‍රශ්නයක්.
මේ මූමන්ට් එකේ රනිල් හැරුන කොට රවී කරුනානායක තමයි සල්ලි වියදම් කරල බැහැල වැඩ කලේ.  චන්ද්‍රිකා හමුවෙන ගිය වෙලාවෙ එයා ඇහුව දිනුවත්  යූඑන්පී එකට මේක කරගෙන යන්න පුලුවන් වේවිද කියල​.
ඇයි යූඑන්පී යාන්ත්‍රණය මළකඩ කාලා නේ තිබුනේ.
ඇත්තටම අද වෙලා තියෙන්නේ ඒක තමයි.


තවත් ලෙසකින් කියන්නේ නම් රාජපක්‍ෂ පලනයේ තිබූ ඉතා බලවත් සාධක මෙන්ම ඉතා දුර්වල සාධක තෝරා බේරා රටට හිතවත් දේ ඉදිරියට ගෙන යන්න නියම යහපාලනයක් පැතූ අය හිතා සිටියා.

අපට වැදගත් දේ (Stocks)
ආර්ථිකය නැමැති මහා වෘක්‍ෂයේ හට ගෙන තිබූ පිළිල ඉවත් කිරීම වෙනුවට ඉවත් කර​ ඇත්තේ එයට ජලය , පොහොර සැපයූ මාර්ග ය​. අපේ ක්‍ෂේත්‍රයට (CSE) වැදගත් වන්නේ මෙන්න මේ කාරණයයි.

උදා: ඇමති මණ් ඩලය විශාල වීම මහා පිළිලයක් ලෙස දක්වා එය රජය පෙරලීමෙ එක් සාධකයක් ලෙස ගෙනාව​.

නමුත් අද ඒ පිළිල තවත් බෝවීමට හැර ඇත​. බලය පවත්වා ගන්න නම් එසේ කළ යුතු බවයි කලින් පාලනය කීවෙ.
නමුත් අන්තිමේ පුපුරා ගියා. දැන් මේ අයත් ඒ හේතුවට ඒ බෙහෙතම බිබී ඉන්නව​.

පසුගිය රජයේ මොන වැරදි තිබුනත් රටේ ආර්ථිකය තුලනය කර ගැනීමට සමත් විය. ඒ කලාපීය හා ලෝක පදනමේ දී චීනයේ අවශ්‍යතා හඳුනාගෙන එය අපට වාසි සහගත ලෙස යොදා ගැනීමයි.  

මෙහිදී ආර්ථික විද්‍යාඥ පී.බී.ජයසුන්දර මහතා  හා නිවාඩ් කබ්‍රාල් මහත්වරුන් ඇතුලු නිළධාරීන් කළ සේවය ඉමහත් ය​.

මා කලින් දිනෙක​ ලියුවාක් මෙන් විදෙස් ආධාර ලබන මහා සංවර්ධන ව්‍යාපෘති වලින් භෞතික ගොඩනැගීම් මෙන්ම රටේ ගෙවුම් ශේෂ රතු අගයකට නොයා හසුරුවා ගැනීමද කෙරේ. එය මහවැලි, ගිං, නිල්වලා ආදී සංවර්ධන ක්‍රියාවලීන් නිසා පසුගිය එ ජාප රජයන් ද අත්කර ගත් දෙයකි.  

නමුත් මේ අය කලේ කුමක් ද ?​.
ඉතාම මුග්ධ ලෙස , ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නා කෙනෙක් හීනෙන් වත් නොසිතන ලෙස​ විදේශ වත්කම් ගලා ඒම නැවැත්වීමයි.
ව්‍යාපෘති වලින් ලාබ වාසි ගන්නේ මහා ධනපතියන් පමණක් නොවේ.
සබ් කොන්ත්‍රාත් කරුවන්, ඒ අය යටතේ සේවය කරන දහස් ගණන් විවිධ තරාතිරම් වල සේවකයන්, භාන් ඩ හා සේවා සපයන්නන් , යන්ත්‍ර ලීස් කරන ෆිනෑන්ස් සමාගම් හරහා යැපෙන්නන් මෙන්ම බත් බුලත් විකුණන බත් අම්මා දක්වා මෙය ප්‍රසාරනය වෙනව​.  
විදේශ ව්‍යාපෘති හරහා රජයේ ගිණුම් වලට ඩොලර් එනවා පමණක් නොව මේ අය හරහා බිලියන් ගණන් මුදල් ගම් දනවු වල අය අතට  එනව​. ඉන් 70% ක් ම දළ වශයෙන් පිටරට ණය​/ආධාර මුදල්.  
අද මේ ආදායම නැවතිලා.
නමුත් පිළිල වැඩෙනව​.

අද උදා වී ඇති  මේ ඉම්බැලන්ස් එක ගොඩ දාගන්න කරන්නේ අසිමිත බදු පැටවීම​.
එය හිසරදයට පිටිකර නොව පස්ස පැත්තේ  බෙහෙත් බැඳීමක්.


නමුත් ඉහත කී විවිධ බලවේග අතර ඉතා සතුටින් ඉන්න අයත් ඉන්නව​.

අද යහපාලනේ නිසා සතුටු වන අය​.

ඉහත 10-15 දක්වා විවිධ යටි අරමුණු කර ගන්න එක්වූ අය​. ඔවුන් සිතුවාටත් වඩා වැඩේ සාර්ථක වී ඇත​.
රටේ පාලනය විවිධ බාහිර බලවේගයන්ට නතුව ඇතැයි පැමිණිලි නැගෙන්නේ ඉහත දක්වා අය බලවත් වීමත් සමගය​.
ඉහත 6-9  ද තම ආදායම් වැඩිකර ගනිමින් ණය ගෙවා ගනිමින් ඉතා සතුටෙන් සිටිති

දුක් වෙන අය​.   (ආර්ථික අංශයෙන්)

ඉහත 1-4 අය
කොටස් වෙළෙඳ පල ස්ථිර නැගීමක් වෙ යැයි බලාපොරොත්තු වූ අය​
තම ව්‍යාපාර වලට එජාප පාලනයක් යටතේ උද්වේගකර ප්‍රසාරණයක් බලාපොරොත්තු වූ අය​.  
ආදායම් අහිමිවීමේ තර්ජනයට මුහුන පා ඇති බැංකු ඇතුලු ව්‍යාපාරවල සේවක ජනතාව​.
රැකියා අහිමි වූ විශාල පිරිස​.

මෙ රට ගොඩ නැගීම අපහසු දෙයක් නොවේ. පසුගිය පාලනයේ තිබූ පොසිටිව් දේ එසේම තබා කවුරුත් පිලිකුල් කල දේට වැට බැන් දා නම් එච්චරයි. එමෙන්ම දැන් බලය ලැබී ඇති බැවින් බොරු බේගල් අතහරින එක නැවැත්වීම​. තවමත් ඉන්නේ මැතිවරන මානසිකත්වයේ. මහින් ද භීතිකාවෙ.
රටේ ආර්ථිකය අමාරු වීඇත්තේ රාජපක්‍ෂට හොරකම් කිරීමට ණය ඉහලටම අරන් නිසා වැනි බොළඳ කතා කියමින් කල් බැලීම තේරුමක් නැති දෙයකි.

ඉදිරිය​:
ජනවාරි 8 ට වඩා තත්ත්වය අසීරුයි.

ඕනෑම  පවුලක , ව්‍යාපාරයක , රටක  ආර්ථික ශක්තිය හා ප්‍රගතියට වඩාත්ම වැදගත් දේ මුදල් සැපයුම යි  . මුදල් සැපයුමට කම්පන (shock) ඇතිකර නොගැනීමට ප්‍රවේසම් වීම දක්‍ෂ පියකුගේ / මව කගේ , පරිපාලකයකු ගේ ලක්‍ෂනයක් මෙන් ම වගකීමද වේ.

අද අප මේ භුක්ති විඳින්නේ 2015 ජනවාරි 8 ලැබූ යහපාලන ජනග්‍රහනය හෝ ජයග්‍රහනය  නිසා ඇතිවූ නරක ප්‍රතිඵලයක් නොව   නියම හයපාලකයන් පැත්තකට තල්ලු වී මෝඩ උද්දච්චයන් කිහිප දෙනෙකු විසින් දුර දිග නොබලා නිරපරාදේ ඇතිකර ගත් මූල්‍ය සැපයුම් කම්පනයේ ප්‍රථිඵලයයි. ඒ කම්පනයට දෙන්න යෝජනා කරන බෙහෙත් ඊටත් වඩා හානිකර වෙයි.

එමෙන්ම මා කලින් ද කියූ පරිදි ඊළඟට වැදගත් වන්නේ සංඥා වන්‍ ය​. පරිපාලකයා කරන කියන දෙයින් සිග්නල් නිකුත් වේ. ඉන් ඔහු ගේ හැකියාව හා ඉදිරි හැසිරීම ගැන මිණිය හැක​. ඒ අනුව පුරොකථනය සිදුවේ.

ගණනය කළ ආදායම් මට්ටම් වලට කිසිසේත් ළඟාවිය නොහැකි බව බැලූ බැල්මට පෙනෙන දින පතා වෙනස් වන,​ ඉතිහාසයේ ව්‍යාකූලම අයවැය ඉදිරිපත්ව ඇත​.

අතුරු අයවැයේ තිබුන නිර්මාණත්මක නොවන ලක්‍ෂන අභි බවමින් මෙවර අය වැයෙන්  ද නිකුත් වූයේ නිර්මාණාත්මක නොවන ලක්‍ෂන ය​.  
සමහර යෝජනා ඉතා කම්ම්මැලි බදු ගැසීම් ය​. මේවා ආර්ථික පාලකයා  ගැන නෙගටිවු චිත්‍ර මවන සංඥා වේ.
"කම්මැලි බදු ගැසීම්" යයි මා හඳුන්වන දේකට උදාහරණයක් නම්:
දුම් ලයිසන් 5000 බද්දය​.
වාහන හිමියන් ලක්‍ෂ ගණනකගේ නම් ලැයිස්තුව දුටු ගමන් මේ තියෙන්නෙ  ඊසි මනී කියා 1100 ගාස්තුව 5000 කරල දැම්ම​.    හරිම ලේසි දෙයක් නේ. කිසිම නිර්මණාත්මක බදු නිමැවුමක් නොවේ. එවැනි දෙයින් සමස්ථ රජය ගැන​ පිටට එන සංඥාව නිසා ඇතිවන හානිය බද්දෙන් ලබන ආදායමට වඩා වැඩි විය හැක​.


වැඩ බැරි ගතිය​

කොපමන කයි වාරු ගැහුවත් වැඩ බැරි අනාගන්නා ස්වභාවයක් දිස්වෙමින් ඇත​. මෙයද නෙගටිව් සිග් නල් එකකි.
මෙයට එක් හේතුවක් ලෙස මා දකින්නේ මෙයයි:
 එජාපයේ අප දන්නා දක්‍ෂ දේශපාලකයන්  තවමත් ඉතුරුව සිටිති. නමුත් පාලනයෙ පළපුරුද්ද ඇති  ඒ බොහෝ අය දැන්  වයස් ගතවී සිටිති.​   තම මුල් කාල වල ඉතා හොඳින් ක්‍රියා කළ අයගේ  දැන් වයස සමග  ඇතිවන ස්වභාවික  ශාරීරික මානසික අපහසුතා නිසා දෝ, කාලයක් තිස්සේ විපක්‍ෂයට වී සිටි නිසා දෝ පෙර මෙන් ජවයක් අප නොදකිමු. මෙහි අනිත්  අභාග්‍යය නම්  එහි අද ඉලිප්පී ඇති ඉතුරු අය අත්දැකීම නැති, අඩු ගානේ සිල්ලර කඩයක් වත් හරියට කරලා නැති  ඉතා බොළඳ කතා කියන, පවුඩර් බබාල වැනි තරුණයන් විමයි.

මේ නිසා සිදුවී ඇත්තේ අද අති සාර්ථකව  බලවත් වී ඇති යටි අරමුණු කාරයන් (බෙදුම් වාදීන් ඇතුලුව​)  හා අවස්ථාවාදී වෙනත් අරමුණු  ඇති අයගේ ක්‍රියා නිසා  ආර්ථිකය හා රට ව්‍යාකුල වීමේ දී එයට එරෙහිව නිසි ප්‍රතිරෝධයක් පාලක පක්‍ෂයෙන් වත් ඇති නොවීමය​.  

(  කලින් පාලනයෙ  සිට​ ආ පසුව එකතුවූ අවස්ථාවාදීන් ගැන කිසි සාධනීය බලාපොරොත්තුවක් නොමැති බැවින් සඳහන් නොකරමි)

මෙවැනි සංඥා නිසා ආර්ථික පරිපාලනයේ  ඉදිරි දස්සකම් future performances කෙසේ වනු ඇති දැයි පුරෝකථනය වේ (predict) . එම පුරෝකථනය ආකර්ශනීය (attractive) නොවන විට​ කොටස් ආයෝජකයන් ඉවතට යාමට හේතු වේ.

මා මෙසේ දැක්වූයේ අප ට දැනගත හැකි දත්ත අනුවය​.
නමුත් විදේශ හිතවතුන් ගෙන් හෝ  අප නොදන්නා වෙන යම් ක්‍රමයකින් රටේ මූල්‍ය තත්ත්වය ඉහලට ගෙන 2015 ට පෙර තිබූ සංවර්ධනයවත් ගෙන ඒ නම් කොටස් වෙළෙඳ පල ඉහල යනු ඇත​.


එමෙන් ම සමස්ථයක් වශයෙන් නොව වත්මන් තත්ත්වය යටතේ සමහර ක්‍ෂේත්‍ර වල සමාගම් වලට වැඩි අවසථා ඇති වෙන බැවින් ඒ ඒ සමාගම් වල කොටස් මිල  වරින් වර​ ඉහල යා හැකිය​.

රට තව දුරටත් අඩාල වුවහොත් බොහෝ විට මූල්‍ය ආධාර සඳහා ෆෙඩරල් වාදී විසඳුමකට  බිලි වීමට සිදුවනු ඇත​.
ඒ අරමුණ සඳහා රට හිතා මතා වට්ටන  අය සිටී දැයි සැලකිලිමත් වීම හොඳය​.

කෙසේ උනත් අපේ මාකට් එක එක පාරට කඩා වැටෙන්නේ නැත​. ලොකුම ගැටලුව වන්නේ පාඩු පිට හෝ විකුණා ගන්නට මිලදී ගන්නන් නැති වීමයි.

මෙහි වෙනසක් වෙයිද ?

ඉහත කරුණු වලට වැඩි මනත්ව,
"අහවලා ඉවත් කරන්නේ නැත්තෙ ඇයි ?  අහවලා ට මොන බලයක් ද එහෙම ප්‍රකාශ නිකුත් කරන්න , අනුන් ගේ අමාත්‍යංශ වලට කඩා පනින්න​ ?"   "අහවලා වෙනුවට මෙයා ව දැම්ම නම් ආර්ථිකය හරි ගස්සයි" , "මේකද යහපාලනේ ?"  යනා දී ලෙස අද බොහෝ වත්මන් රාජ පාක්‍ෂිකයන් ම කියනු අසන්නට ලැබේ. අද මට ආ ඊමේලයක තිබුනේ " උඹෙන් දැන් කොහොමද යහපාලනේ කියල අහන්නත් මටම ලැජ්ජයි" කියාය​

කලින් සඳහන් කලාක් මෙන් විවිධ බලවේග වල සහායයෙන් නව බලයක් බිහිවීමේදී සමහර අය ඒ ක්‍රියාවලිය තුල ප්‍රමුඛ වී විවිධ තුරුම්පු රැස් කරගෙන තම අනාගත දේශපාලන / ආර්ථික​ ආත්මලාභය සඳහා බලවන්තයන්  වීම සිදුවිය හැක​.

මීට පෙර  ජේ ආර්, සිරිමාවෝ, චන් ද්‍රිකා, මහින් ද ආදීන් බලයට පැමිණි මැතිවරණ වලදී ඒ ඒ නායකයන් ගේ බලවත් ජන ආකර්ශනය  මූලික වූ අතර මෙවර   ඉතාම වෙනස් ලෙස වූ සිද්ධි දාමයකින් රනිල් හා මෛත්‍රි අගමැති-ජනපති වූ බව කවුරුත් දනිති. ඒ පෙරලිය එවන්  එලිමන්ට්ස් හට පිලිකාවන් මෙන් පැතිර සියල්ල  ග්‍රහනය කරගන්නට  තෝ තැන්නක් වීය​.

අද  පාලන ත්‍රන්ත්‍රයේ ඇති එක්තරා බල තුලනයක් පිලිබඳ යම් වැටහීමක් ඉහත පුවත් පත් ලිපියෙන්ම පහත කොටස් වලින් ලබා ගත හැක​.


අපි ඉතාම පොඩි කාලයකදී තමයි මේ ඔපරේශන් එක කලේ. මුලදී   මෛත්‍රී  ගැන අදහසක් වත් අපේ හිතේ තිබුනෙ නෑ. චතුර (සේනාරත්න​) තමයි කීප සැරයක් ම මෛත්‍රී ගෙ නම අපේ ඔලුවලට දැම්මේ.  එකිනෙකා අතර  චිට් වලින්  පනිවිඩ යවන එකටත් චතුර සම්බන්ධ උනා.
දිනේශ් ගිහින් රනිල් ව කාර් එකේ දාගෙන එනව​. මම රාජිතව දාගෙන එනව​.
මෛතිපාල සිරිසේනත් එනව​. එයා වැඩිය කතා කලේ නෑ.
රනිල් ලඟට රවී කරුනානායක තමයි ගේම් එක ගහන්න බැහැල උදවු  කලේ. අපි ළඟ සල්ලි තිබුනෙ නෑ. රවී ඒ වෙලාවෙ මුදල් පැත්ත බලා ගත්තා.  සල්ලිත් වියදම් කරගෙන​ රවී මේකට බැස්ස හැටි අපි ළඟින් වැඩ කළ නිසා හොඳටම දැක්ක​.



සමහර විට ජනතාව ගෙන්  බැනුම් අහන රාජ්‍ය නායකයින්  ජනතාවටත් වඩා අසරණ වෙලා ඉන්න අවස්ථා ලෝකයේ ඕනෑම රටක තිබිය හැක​.


මෙහි වෙනසක් වෙයිද ?


අනාගතය ගැන කියන්න මා දන්නේ නැත​.

අප කුමකටද ? මේ දෙඇසම නොපෙනෙන අයගෙන් ඇස් දෙකම පෙනෙන අය අනාගතය සඳහා උපදෙස් ගන්නා රටකි.

Thushara Ayya

Thushara Ayya
Moderator
Moderator

100 percent agree with you.

soileconomy

soileconomy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Fantastic.Great

dennam jambu


Senior Equity Analytic
Senior Equity Analytic

චින්වී මහතාගේ විවරණය අපූරුය. එහෙත් මේ ආණ්ඩු දෙක අතර වෙන වේනම පුද්ගයින්ග් කණ්ඩායම්  දෙකක් තිබු බවය නිවැරිදි නොවේ . unp මන්තිලට වැඩ පුරුදු නෙති බවත්ය. එහෙත් ඇත්තනම් එ ආණ්ඩුවේ සිටි කාලකන්නියින් සියල්ලම මුන්ටද එකතු වී ඇත. මුන් එකලද වැඩක් කරේ නෙත . වැඩ කරේ බැසිල් ,ගොටා ,කබ්රාල්, සහ PBJ යන කීප දෙනෙක් පමණි. අනිකුත් රජයේ හැ විපක්ෂයේ උන්ට වරදාන දී උන්ව නිස්සබ්බ්ධ තබා තිබීම මහින්දගේ කාරිය විය.උදාහරණයක් විදියට සිරිසේනට එකල වැඩ කරන්න දුන්නේ නැති බවට නිතර ආඩපාලි කියි.උන්දැට දැන් බලතල තිබේ  .දැන් උන්දැ සියලු බලතල තිබ්බට දැනුත් වැඩ කරන්නේ නැත.එනම් ඔහුට වැඩ බැරිය.මහින්ද ඔහුට පට්ටම පමණක් දී ලේකම් හරහා වැඩ කරවීම සාදාරනය. මේ මගින් මම අදහස් කලේ රජය කරවීමට හොඳ වැඩ පොරවල් කිහිප දෙනෙක් උනත් සෑහෙන  බවය. රනිල් සහ රවී මෙම ය වය හරහා කිසුවකු ඇත නොගැසීමට බිය වු කප්පම් ගැනීම් හැ සමාන වරදාන කැපීමට උත්සහ කර ඇත .එය තරමක සාර්ථක විය.එමෙන්ම CEB CPC  වැනි මහජනයාට බර පටවන ආයතන කොටස වෙළද පොලට දම  සමාගම් බවට පත් කිරීම ,රජය සේවය  අඩු කිරීම වෙනි දේවල් ආර්ථිකට දිගු කාලීනව සුබ දේය.එසේම accountability එක ගැන ටිකක් කටත් මතක් වෙන දේ සිදුවීමද සුබ දායකය.උදහරණයක් විදියට පුෂ්පකුමාරගේ පොල් වත්ත හදපු හැටි ,සජින්ගේ fcid කේස්  ආදිය. මේ ආණ්ඩුවත් චීනය ලං කර ගත්තනම් පසු ගිය රජයත් වඩා වැඩ කරනු ඇත. දැන් රනිල් එය තේරුම් ගෙන ඇති බව පෙනේ . ඔහු GSP දෙනවයි කියා බොරුවට රනිල්ව කඩේ යවන බටහිර නායකයින්ට දෙනෙන්නටදෝ  වරාය නගරය ජනවාරියේ සිට අරබන බව පවසය් .ලබන ජනවාරියේ සිට ආයෝජන සදහා සුබදායක පරිසරයක් ඇති වේ යි සිතමි. පළාත් සබා සියල්ල unp ඉහලින් දිනා ගනු එත. සිරිසේන එම මෙතිවරන්‍ය මෙහෙයවුවහොත් සියල්ය් ශ්‍රීලංකා කාරයන් UNP එකට ජන්දය දී සිරිසේනට පාඩමක් උගන්නවන නිසාය.

nimantha80


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

dennam jambu wrote:චින්වී මහතාගේ විවරණය අපූරුය. එහෙත් මේ ආණ්ඩු දෙක අතර වෙන වේනම පුද්ගයින්ග් කණ්ඩායම්  දෙකක් තිබු බවය නිවැරිදි නොවේ . unp මන්තිලට වැඩ පුරුදු නෙති බවත්ය. එහෙත් ඇත්තනම් එ ආණ්ඩුවේ සිටි කාලකන්නියින් සියල්ලම මුන්ටද එකතු වී ඇත. මුන් එකලද වැඩක් කරේ නෙත . වැඩ කරේ බැසිල් ,ගොටා ,කබ්රාල්, සහ PBJ යන කීප දෙනෙක් පමණි. අනිකුත් රජයේ හැ විපක්ෂයේ උන්ට වරදාන දී උන්ව නිස්සබ්බ්ධ තබා තිබීම මහින්දගේ කාරිය විය.උදාහරණයක් විදියට සිරිසේනට එකල වැඩ කරන්න දුන්නේ නැති බවට නිතර ආඩපාලි කියි.උන්දැට දැන් බලතල තිබේ  .දැන් උන්දැ සියලු බලතල තිබ්බට දැනුත් වැඩ කරන්නේ නැත.එනම් ඔහුට වැඩ බැරිය.මහින්ද ඔහුට පට්ටම පමණක් දී ලේකම් හරහා වැඩ කරවීම සාදාරනය. මේ මගින් මම අදහස් කලේ රජය කරවීමට හොඳ වැඩ පොරවල් කිහිප දෙනෙක් උනත් සෑහෙන  බවය. රනිල් සහ රවී මෙම ය වය හරහා කිසුවකු ඇත නොගැසීමට බිය වු කප්පම් ගැනීම් හැ සමාන වරදාන කැපීමට උත්සහ කර ඇත .එය තරමක සාර්ථක විය.එමෙන්ම CEB CPC  වැනි මහජනයාට බර පටවන ආයතන කොටස වෙළද පොලට දම  සමාගම් බවට පත් කිරීම ,රජය සේවය  අඩු කිරීම වෙනි දේවල් ආර්ථිකට දිගු කාලීනව සුබ දේය.එසේම accountability එක ගැන ටිකක් කටත් මතක් වෙන දේ සිදුවීමද සුබ දායකය.උදහරණයක් විදියට පුෂ්පකුමාරගේ පොල් වත්ත හදපු හැටි ,සජින්ගේ fcid කේස්  ආදිය. මේ ආණ්ඩුවත් චීනය ලං කර ගත්තනම් පසු ගිය රජයත් වඩා වැඩ කරනු ඇත. දැන් රනිල් එය තේරුම් ගෙන ඇති බව පෙනේ . ඔහු GSP දෙනවයි කියා බොරුවට රනිල්ව කඩේ යවන බටහිර නායකයින්ට දෙනෙන්නටදෝ  වරාය නගරය ජනවාරියේ සිට අරබන බව පවසය් .ලබන ජනවාරියේ සිට ආයෝජන සදහා සුබදායක පරිසරයක් ඇති වේ යි සිතමි. පළාත් සබා සියල්ල unp ඉහලින් දිනා ගනු එත. සිරිසේන එම මෙතිවරන්‍ය මෙහෙයවුවහොත් සියල්ය් ශ්‍රීලංකා කාරයන් UNP එකට ජන්දය දී සිරිසේනට පාඩමක් උගන්නවන නිසාය.
one thing wrong.Palath saba UNP habak

nalaka_sg


Manager - Equity Analytics
Manager - Equity Analytics

Im quite agreed with above post. but do not forget here we are seen life time opportunity for long term investors (beyond 4 to 5 years). I have seen 3 black swan in sri Lankan financial history ( 2004 tsunami, 2008 the last leg of war and 2012 market crash)

when tsunami hit sri lanka in 2004 December I was on holiday in SL (at that time i was 25 years old and just strat my work at HP earning around $2800 per month). people near beach front thought it is end of the world and start selling their beach front properties for peanuts. i was approached by few and i could have to buy few plots easily with few month of salary but i did not do that. 10 years later today those lands going for 2 to 3 mill per perch.

in 2006 to 2009 i was closely follows the war daily basis and have good confident that war going to win by our boys but never invest in CSE. and you all know what was happen 2010 to 2013.

in mid 2012 CSE start to come down and rupee was wend down around 15% and people though it is end of the CSE and start selling. i start to enter CSE in late 2012 and continue invest till 2014 and sell part of my holding for my wedding.i was partly miss out late 2014 bull run but still i hold most my bank and other shares at 50 -100% gain.

here comes 2015 and i foresee what was going to happen with new gov. im continuously investing slowly next 2 to 3 years lowly monthly basis(may be $1000- 1500 per month in selected stocks)

what I can say is that ,people in SL has miss their chance to reach $4000 GDP by 2016 by them self and they would like to remain low income status for another 4 to 5 yrears. people who lived and work in develop economies knows that for last 5 to 10 years our income has not growing and our spending power is slowly decreasing( as for me, my annual income is stagnant at same numbers for last 7 years despite 3-4% annual increment because MNCs cut down all allowance and other benefits.).at the same time i sow my friends in SL  who used to get RS 25000-30000 per month in 6 to 7 years ago, now taking easily  RS 100000-150000 per month and going holidays in bali,BKK,Malaysia etc (believe me i cut down my fancy holidays many years ago and just visit SL to see my parents and relatives just once a year because after paying my house mortgage,tax,food,insurance etc, i have no much money to left for fun.)
so what i can say is , people in SL was impatient to get the benefit of systematic improvement of the economy and they thought they want a change, instead of the propeller engine they thought want to fix a jet engine to economy.at the end they screw up themselves. feel sorry about first time voters.                        
 now people who live overseas have one more chance if u miss last opportunities, as you all knows it is a nightmare to retire in develop world as average worker. build your retirement nest egg in SL with slowing economy.buy more land before other highways build (since all of them now on hold) and locals cant afford it. buy good business when locals do not have money to spend and price going down due to low profit.

people will realize sooner than later what went wrong (may be it takes 3 -4 years ). by that time you are already in position. have a faith in SL, it is a blessed land, it want disappoint you.

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

GOOD STORY..... But factually biased.. It seems like you are trying to revert back to the worst I mean previous government. 

We are in a transition period and yes we should accept due to required changes taking place there was bit slowing.. 

Things will change in 2016..

But to keep in mind if the change didn't arrive we may be living in hell today.

Very Happy

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

nalaka_sg


Manager - Equity Analytics
Manager - Equity Analytics

ranferdi wrote:GOOD STORY..... But factually biased.. It seems like you are trying to revert back to the worst I mean previous government. 

We are in a transition period and yes we should accept due to required changes taking place there was bit slowing.. 

Things will change in 2016..

But to keep in mind if the change didn't arrive we may be living in hell today.

Very Happy

hehe ...you may comment on me whatever way ,but take note that i have never get  on any favor from any  party or from politics. im just said is the ground realty of SL. 

by the way people may live in a heaven during 80's to 2009 . "pray for Sri lanka "bro .

as  chinwi says, group from 6-19 in first post live the dream of having good day of tomorrow. Laughing

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

nakaka_sg wrote:now people who live overseas have one more chance if u miss last opportunities, as you all knows it is a nightmare to retire in develop world as average worker. build your retirement nest egg in SL with slowing economy.buy more land before other highways build (since all of them now on hold) and locals cant afford it. buy good business when locals do not have money to spend and price going down due to low profit.


mmmh Smile good thinking. If you have money opportunities are creating.

 I prefer Mirigama Area so I can buy much more extent with cool n clear air for the same price   of few perches in town in asthmatic environment.

At the moment you can reach there from Kottawa - Battaramulla   area along Kottawa - kaduwela - Kadawatha highway and then along kandy road and pasyala - Mirigama rd.  1 hr - 1 hr 15 mins drive early morning during low traffic.

If they build Kandy highway the travelling time will be reduced considerably. Mirigama is a proposed intersection.
current marketed price is about 45,000 per perch. (300 dollars)

dennam jambu


Senior Equity Analytic
Senior Equity Analytic

rajitha is very clever  and knows how to calculate to which side he should jump. latest card,  he is saying ranil and maithri should not  give leadership to the parties during next local govt election. he knows very well that if polonnaru sira leads the party there will be no contest and  entire electorate would vote for unp to teach a lesson to the treacherous leader who betrayed the party . ranil should not get caught himself to such cheaters because this is the best chance to consolidate himself  as a reformer who can take difficult unpopular decisions.

karuna


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Ma obathumanlata mokada habatama ma wela thiyenna ?


Maha bana potha waga , balla piduru kannath na kana gonata kanda dannath na. 

Chinwi sir like a sciencetice because his explain unbelievable jesus christ

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

dennam jambu wrote: එහෙත් මේ ආණ්ඩු දෙක අතර වෙන වේනම පුද්ගයින්ග් කණ්ඩායම්  දෙකක් තිබු බවය නිවැරිදි නොවේ . unp මන්තිලට වැඩ පුරුදු නෙති බවත්ය. එහෙත් ඇත්තනම් එ ආණ්ඩුවේ සිටි කාලකන්නියින් සියල්ලම මුන්ටද එකතු වී ඇත. මුන් එකලද වැඩක් කරේ නෙත . වැඩ කරේ බැසිල් ,ගොටා ,කබ්රාල්, සහ PBJ යන කීප දෙනෙක් පමණි. අනිකුත් රජයේ හැ විපක්ෂයේ උන්ට වරදාන දී උන්ව නිස්සබ්බ්ධ තබා තිබීම මහින්දගේ කාරිය විය.උදාහරණයක් විදියට සිරිසේනට එකල වැඩ කරන්න දුන්නේ නැති බවට නිතර ආඩපාලි කියි.උන්දැට දැන් බලතල තිබේ  .දැන් උන්දැ සියලු බලතල තිබ්බට දැනුත් වැඩ කරන්නේ නැත. එනම් ඔහුට වැඩ බැරිය.මහින්ද ඔහුට පට්ටම පමණක් දී ලේකම් හරහා වැඩ කරවීම සාදාරනය. මේ මගින් මම අදහස් කලේ රජය කරවීමට හොඳ වැඩ පොරවල් කිහිප දෙනෙක් උනත් සෑහෙන  බවය.  


හරියටම හරි.  ඇත්ත වශයෙන්ම දැන් ඇමතිලා කරන බම්බුවක් නැත​.
අමාත්‍යංස ලේකම් ගෙන පටන් ගෙන සියලු නිළධාරීන්  කරන වැඩ ට ජනතාව ඉදිරියේ ලකුණු දමා ගැනීම හා වැඩ අනන එක නම්  කරනව​.

මා එජාප පැරණි අය ගැන ලිව්වේ මීට වසර 25-30 කට පමන පෙර අප සමග ඉතා උනන් දුවෙන් , අවබෝධයෙන් හා ඉතා සහයෝ ගයෙන් වැඩකළ බුද්ධිමත් කිහිප දෙනා ගැන මතක් වීමෙනි. ඉන් බොහෝ දෙන කොටින් විසින් මරා දමනු ලැබිණි.  එකල ජවයෙන් සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැනි අතලොස්සක් තාම සිටිති.

අද සියලූම පක්‍ෂ වල  ඉන්න උන් මෙන් පිස්සු හුටංලා එකල අඩුයි.

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics

මේ රටේ ජනතාවට පෙති දෙකක් ඕනේ ය. එකක් චූං පෙත්ත ය. ඕක බිව්වාම රටේ ජනතාව වයින් කරාපු චීන බෝනික්කන් වගේ චූං වී නැගිට මරහඬ තලන්නෝ ය. අනික නිදිපෙත්ත ය. ඕක බිව්වාම ප්‍රශ්න සියල්ල අමතක වී යන්නේ ය. ඔය පෙති දෙකෙන් තොරව මේ රටේ ජහමනයා හට ජීවිතයක් නැත්තේ ය. "රජ්ජුරුවෝ" මේ කිසිම දේකට මැදිහත් නොවී කිරිසප්පයා වාගේ තිරෙන් පිටුපස සැඟවී සිටී.

karuna


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I don't understand why people don't like for new gov
Because they giving big benefits to people
1 gas 
2 gasoline diesel
3 increase monthly salary
4 reduce milk etc price. 
And have a more .  
Think if they did with in 3 months but last gov
Doller 96/130 increase diesel petrol have a more

This is my idea normally down south people didn't like to new gov they need one day odi or t 20 
Coz last gov chuun ,
I think of this forum more members may be down south . That's why they Posting always about last gov,

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

karuna wrote:I don't understand why people don't like for new gov
Because they giving big benefits to people
1 gas 
2 gasoline diesel
3 increase monthly salary
4 reduce milk etc price. 
And have a more .  
Think if they did with in 3 months but last gov
Doller 96/130 increase diesel petrol have a more

This is my idea normally down south people didn't like to new gov they need one day odi or t 20 
Coz last gov chuun ,
I think of this forum more members may be down south . That's why they Posting always about last gov,

මේකනේ ප්‍රශ්නේ සම හරක් ට බඩු මිල වැඩක් නැහැ උන්ට ඕන කරන්නේ උදේ හවස පුක වදින්න මහා රජෙක් ... 
කන්න නතත් මහා රජා රට කෑවත් උදේ හවස මහරජ වෙනුවෙන් hadda  TV එකෙන් කියන ප්‍රශස්ති ගීත අහන්න කැමති උන් ඉන්න රටක් මේක 
මහරජා වේලපහින් චන්දෙ තිබ්බේ ප්‍රශ්න ගොඩ ගැහෙන්න ඉස්සෙල්ල චන්දෙ ගොඩ දාගන්න කියල නොදන්නා සම හරක් 
මේ සම හරක් ට සැබෑ ප්‍රජාතන්ත්‍ර වාදය යහ පාලනය දෙනවා කියන්නේ වඳුරට දැලි පිහිය දෙනවා වගේ.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

karuna


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ranferdi wrote:
karuna wrote:I don't understand why people don't like for new gov
Because they giving big benefits to people
1 gas 
2 gasoline diesel
3 increase monthly salary
4 reduce milk etc price. 
And have a more .  
Think if they did with in 3 months but last gov
Doller 96/130 increase diesel petrol have a more

This is my idea normally down south people didn't like to new gov they need one day odi or t 20 
Coz last gov chuun ,
I think of this forum more members may be down south . That's why they Posting always about last gov,

මේකනේ ප්‍රශ්නේ සම හරක් ට බඩු මිල වැඩක් නැහැ උන්ට ඕන කරන්නේ උදේ හවස පුක වදින්න මහා රජෙක් ... 
කන්න නතත් මහා රජා රට කෑවත් උදේ හවස මහරජ වෙනුවෙන් hadda  TV එකෙන් කියන ප්‍රශස්ති ගීත අහන්න කැමති උන් ඉන්න රටක් මේක 
මහරජා වේලපහින් චන්දෙ තිබ්බේ ප්‍රශ්න ගොඩ ගැහෙන්න ඉස්සෙල්ල චන්දෙ ගොඩ දාගන්න කියල නොදන්නා සම හරක් 
මේ සම හරක් ට සැබෑ ප්‍රජාතන්ත්‍ර වාදය යහ පාලනය දෙනවා කියන්නේ වඳුරට දැලි පිහිය දෙනවා වගේ.
Defa , some people need a quick chun they don't know what is the hidden economy.  Raja palanaya tibanam ubalata hodai , tawa awurudu 30 kin withara ubala guuth kala kiyai rajaga guuth kanda tibanam kiyala . This is not argue just for the common senses

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum