එක ගමක කඩ චෝරු කා බඩේ අමාරු හදා ගත් දැරිවියකට වමනය ටිකක් ගිය අතර එය උඩට සුළඟින් ගසා ගෙන ආ කපුටු පිහාටුවක් වැටුණි.
එතැනට ආ කාන්තාවක් පිහාටුවක් සහිත වමනය දැක ආපසු යන ගමන් ගමේ ලිඳ ළඟ උන් කාන්තාවකට පැවසුවේ "දන්නවද වැඩක් අහවල් දැරිය කපුටු පිහාටුවක් වමනය කරල " ලෙසය.
ලිඳ ළඟ සිටි කාන්තාව එතැනට නාන්න ආ කාන්තාවන් සමග " හරි වැඩක් නේ අහවල් කෙල්ල කපුටෙක් වමනේ දාලාලු" කියා ටිකක් තවටිකක් රසවත් කර පවසා ඇත.
ඒ කාන්තාවන් ගෙදර යන ගමන් " කෙල්ලක් කපුටො වමනෙ දානවලු .මහා පුදුමයක්" ලෙස දන්න දන්න අය සමග කියා ඇත.
අන්තිමේදී එම දැරිය කපුටන් හත් දෙනෙක් වමනය කරලා යි ගම රට පුරා ප්‍රචරය වූ අතර අල්ලපු ගම් වල සිටි අය එය බැලිමට කරත්ත බර බාග වල නැගී ආවාලු.
එන් රික් ගේ සංගීත ෂෝ එකේ බොහෝ විට සංවිධායකයන් විසින් කලින් සැලසුම් කළ පරිදි කුලියට ගත් කාන්තාවක් (පිරිමියකු වන්නටත් පුලුවන්) තනපටක් වීසීකළ අතර දැන්ලොව පුරා ප්‍රචාරය වන්නේ ලංකාවෙ කෙල්ලො තණ පට වීසි කරමින් පිස්සු නැටූ අන් දමය. රංචු පිටින් දුවගොස් ඔහුව සිප ගත් අන් දමය.
මෙම සංගීතයේ වටිනාකම මැනීමේදී 'තනපට අහසට' වැනි දේ අත්‍යවශ්‍ය අංග වී ඇති අතර කොහේ හෝ එවැන්නක් සිදු නොවුනහොත් එම 'අඩු පාඩුව' මකා ගැනීම සඳහා ඇතුලතින්ම මෙය කිරීම සඳහා සූදානම් ව සැලසුම් කිරීම සාමාන්‍ය දෙයකි.
As reported by many external media:
The president of Sri Lanka has called for the organisers of an Enrique Iglesias concert to be 'whipped with toxic stingray tails' over the behaviour of female fans.
Ecstatic Enrique fans had reportedly climbed onto the stage to hug and kiss the singer during the concert in Colombo on December 20.
In addition, a number of women had also thrown underwear at the 40-year-old Latino crooner during his performance in the Sri Lankan capital.
I don't advocate that these uncivilised women who removed their brassieres should be beaten with toxic stingray tails, but those who organised such an event should be....
මඩු වලිගෙන් තැලීමද ලංකාවේ මිනිසුන් ගේ හා දඬුවම් වල දරුණු කම කියා පෑම සඳහා ලුණු ඇඹුල් යහමින් දමමින් හොට් චිකන් මෙන් ප්‍රචාරය වේ. ('උණු කැවුම් මෙන් ප්‍රචාරය වේ' යන්න අද පරම්පරව දන්නෙ නැත)
උල් රාශියක් සහිත මඩු වලිගෙන් තැලීම වූ කලී පැරණි සිංහලයේ දැඩි දඬුවමක් වූ අතර පසුව අපේ වත්මන් වැඩිහිටියන් අතර එය ඉඩියම් එකක් පමණක් විය. (අද පරම්පරාවේ බොහෝ අය නම් එවැන්නක් දැන ගත්තේ එන් රික් ගේ ශෝ එක නිසා විය යුතුය)
එක් බෙදුම් වාදියකු පැවසුවේ 'සිංහල බෞද්ධයන්ට' අනිත් ජාතීන්ට තැලීම සඳහා අවශ්‍ය විස සහිත මඩු වලිග යාපනයෙන් ඕනෑ තරම් සැපයිය හැකි බවය. ( එහි මඩු මසුන් මැරීම කෙරේ)
අපේ ඉඩියම් සුද්දන් ඇතුලු පරයන් (පිට අය) දන්නේ නැත. උන්ට මේවා හොඳ ආයුධය.