Prime Minister Ranil Wickremesinghe and Andra Pradesh Chief Minister Chandrababu Naidu agreed to appoint a special committee to look into the possibilities of improving religious, cultural and tourist relations between Sri Lanka and Andra Pradesh.
The opinions were exchanged on the possibility of developing Sri Lanka, Andra Pradesh and Tamil Nadu as a tourist zone.
The Chief Minister said Amarawathiya, an ancient Buddhist town is now being developed as a religious tourist site.
---end of story---
People of Andra and Lanka had good relationship centuries ago. Due to separatist war most of us know only Tamil Nadu as the Dravidian area.
Tamil is one of many Dravidian languages.
අපේ ගම්වල "අංඩර දෙමල කියන්න එපා, මොන අණ්ඩර දෙමලක්ද බං උඹ ඔය කියන්නෙ? යනුවෙන් කියමනක් තියෙනව.
හරියට යමක් තේරෙන්න කියන්නෙ නැතිවිට අහන් ඉන්න පාර්ශ්වය එසේ බනිනව.
අං ඩර දෙමල වලට ආසන්නම උදාහරණය මේ ෆෝරම් එකේ mr. karuna.
නමුත් අද පරම්පරාව අංඩර දෙමල දන්නෙ නැති නිසා එසේ ඔහුට කවුරුවත් කිව්වෙ නෑ.
අපි අංඩරයො කියන්නේ කපටින් ට. අං කූරා කියලත් කියනව.
ඔය අංඩර දෙමල කතාව හැදුනේ නිකම්ම නෙවි.
ඉන් දියාවේ ද්‍රවිඩ ජාතීන් ඉන්න පලාත් තමිල්නාඩූව , කේරලය, ආන්ද්‍රා ප්‍රදේශය, කර්ණාටක .
තමිල්නාඩුවේ බස තමිල්. කේරලෙයේ මලයාලම්. ආන් ද්‍රා වල තෙලිගු. කර්ණාටකයෙ කණ්නඩ. මීට අමතරව ටුලු, ගඩබ , කෝලමි, කෝදවාදී බස් කතා කරන පිරිස් ද ඉන්නව .
ලංකාවේ සමහරු දෙමළ අයට ද්‍රවිඩයන් යනුවෙන් හැඳින් වූවාට දෙමල යනු ද්‍රවිඩ භාෂා වලින් එකක් පමණයි.
නිදහස ලැබීමට පෙර ලංකාවේ දෙමෙල මෙන්ම අනිත් බොහෝ ද්‍රවිඩ ජාතීන් නිදහසේ ආව ගියා , ව්‍යාපාරික කටයුතු වලට. ආවාහ විවාහ වෙලා නැවතුන අයත් ඉන්නව (ඉන්දියාව, ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයේ එකම බිමක්)
අද දෙමල යැයි අප ආමන් ත්‍රණය කරන කොළඹ හා ලංකාවේ සමහර පලාත් වල ඉන්න බොහෝ අය මලයාලම් රටින් ආ අය. ඒ අය අතර තවමත් තම අනන්‍යතාව රැකගෙන ඉන්න අය ඉන්නව. තව බොහෝ දෙනා දැන් දෙමලම කතා කරනව.
කේරලයේ මලයාලම් බස දෙමල වැනි උනත් වෙනස්.
සමහර වචන පොදුයි.
ලංකාවට ආ ආන්ද්‍රා ප්‍රදේශයේ වැසියන් කතා කලේ තෙලිඟු. ඔවුන් යටිකූට්ටු වැඩවලට , සාත්තර කියන්න, ගුරුකම් වලට එහෙම දක්‍ෂයි. ආන්ද්‍රා ප්‍රදේශයේ වැසියන් පෙර කල බෞද්ධ. එහි අමරාවතී වැනි නටබුන් ස්ථාන තියෙනව. නමුත් දැන් ඔවුන් හින්දූන් බවට හැරවිලා. මලයාලම් කාරයොත් ගුරුකම් වලට දක්‍ෂයි . (ඔය තාම අපේ පත්තරවල බොරු කාරයෝ දැන්වීම් දාන්නේ මලයාලම් ගුරුකම් කියා)
තෙලිඟු ත් දෙමල වගේ . ඊට ව්ඩා ටිකක් 'ඩ', 'ට' ශබ්ධ වැඩියෙන් සද්දෙන් භාවිතා වෙනව. ඈතින් ඉඳන් අහනකොට දෙමල කතා කරනව වගේ ඇහෙන්නෙ. නමුත් ළඟට ආවම කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.
ඉතින් මේ අය දෙමල කතාකරනව කියා තමයි අපේ මිනිස්සු හිතුවෙ. නමුත් ළඟට ආවම තේරෙන්නෙ නෑ. මොලේ කචල් වෙනව. අපේ අයට නොතේරෙන්න තෙලිගු වලින් ඒ අය අතර කතා කරල සිංහලෙන් බිස්නස් එක කරනව.
මේ නිසා ලංකාවේ සිංහල වැසියන් තෙලිඟු වලට ආන් ද්‍රා දෙමල කියා හඳින්වන්න පටන් ගත්තා.
ආන් ද්‍රා දෙමල තමයි පස්සෙ අන් දර දෙමල, අණ්ඩර දෙමල උනේ.
තේරෙන්නෙ නැති දෙයක් කතා කරන කොඩ අංඩර දෙමල කියවනව කියන්නෙ එකයි.
ඒ වගේම මූ මහ අංඩරයෙක් කියන්නෙත් මේ අනුසාරයෙන් වෙන්න ඕන. මොකද කේරල , අන්ද්‍රා මාර අණ් ඩරයො තමයි.
ප.ලි..
තමිල් නාඩුවේ අය ලංකා කොටින් ට හිතවත් කම් දැක්වූවාට අනිත් ද්‍රවිඩයන් ඒ ඒ ලෙස බෙදිල ඉන්නේ. ඉන්දියාවේ හින් දි බස පවා තමිල් නාඩුවෙ අය ඉගෙන ගන්නෙ නෑ. නමුත් අනිත් ද්‍රවිඩ පලාත්වල මුල් බසක් ලෙස කතා කරනව.
මැද පෙරදිග රස්සවට ගොස් හින් දි හා උර්දු පමණක් දන්න සේවකයන් සමග වැඩකරල පුරුදු උන අපේ අය ඉන් දියානුවන් එක්ක කතා කරන්නෙ හින්දියෙන්.
නමුත් බොහෝ තමිල්නාඩුවන් ට හින් දි තෙරෙන්නෙ නෑ. ඒ අය කට ඇරගෙන බලා ඉන්නව ලංකාවෙ මිනිස්සු ඉන්දියන් අය එක්ක හින්දියෙන් කතා කරනව. නමුත් ඉන් දියාවෙම ඒ අයට තේරෙන්නෙ නෑ.
වට් වට් යූ ටොක් ? කියා අහන වෙලාවල් තියෙනව. (හින් දි ෆිල්ම් බැලීම නිසා හා ආර්‍ය භාශා දෙකක් බැවින් බොහෝ සමාන වචන ඇති නිසා අපේ අයට හරිම ලේසියි භාවිත හින් දි ඉගෙන ගන්න. )