February 3, 2012 at 5:40 pm | Lanka C News.
අධික ණය වර්ධනය නිසා විනිමය අනුපාතය හා පොලී අනුපාතය මත ඇතිවී තිබෙන පීඩනය හමුවේ මහ බැංකුව බොහෝ කලට පසුව සිය පොලී අනුපාතය වැඩිකර තිබේ.
මේ අනුව, මහ බැංකුව පවසන්නේ සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් අංක 50 කින් ඉහළ දැමූ බවත් මේ නිසා ප්‍රති විකිණීමේ පොලී අනුපාතය සියයට 9.0 ක්වී තිබෙන බවයි.
ප්‍රති විකිණීමේ පොලී අනුපාතය මගින් මහ බැංකුව විසින් බැංකු ක්‍රමයට ද්‍රවශීලතාවය ඇතුළු කිරීම සිදු කරයි.
මීට අමතරව ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.0 ක් දක්වා ඉහළ නංවා ඇත.
මීට අමතරව, මහ බැංකුව විසින් මේ වසර වෙනුවෙන් වාණිජ බැංකු වලට ණය සීමාවක් පනවා තිබෙන අතර ණය වර්ධනය සියයට 23 ක මට්ටමක පවත්වාගෙන යා යුතුබව අවධාරණය කර තිබේ.
මෙහිදී, දේශීය තැන්පතු වලින් සියයට 18 ක ණය ප්‍රමාණයකුත් විදේශීය අරමුදල් වලින් සියයට 05 ක ණය ප්‍රමාණයකුත් ලබාදිය යුතුබව දක්වා ඇත.
මේ ජනවාරියේ උද්ධමනය සියයට 3.8 ක් දක්වා අඩුවී තිබෙන අතර වාණිජ බැංකු වලින් පුද්ගලික අංශයට පසුගිය දෙසැම්බර් මාසයේදී ගලාගිය ණය ප්‍රමාණය සියයට 34.5 කින් ඉහළ ගියේය.
එය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ වර්ධනයකි.
ඩොලරයට ඈඳූ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලයේදී මහ බැංකුව දිගින් දිගටම ඩොලර් විකිණූ අතර පසුව අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ ද්‍රවශීලතාවය සිඳීයන තත්ත්වයක් ඇතිවුණි.
පොලී අනුපාතය වැඩි කරනවා වෙනුවට එකළ මහ බැංකුව සිදුකළේ බැංකු ක්‍රමයට ද්‍රවශීලතාවය ඇතුළු කිරීමයි.
- Vimasuma
What will happen to loan interest rate because of this? Is it get increase?