පසුගිය බ්‍රහස්පතින්දා ඊශ්‍රායලයට එරෙහිව මානහ හිමිකම් කවුන්සිලයේ දී යෝජනාවක් සම්මත වීම නිසා ඊශ්‍රායලය මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.
ඊශ්‍රායලයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන අවිග්දෝර් ලිබර්මන් විසින් අදාළ තීරණය පිළිබඳව දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක යිගල් පැල්මෝර් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල වැසියන් හා හමුදා බටහිර ඉවුර ප්‍රදේශයේ ජනාවාස පිහිටුවීම හරහා පලස්තීන වැසියන්ගේ මානව හිමිකම් කඩවීමක් සිදුවීද යන්න පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලයේ දී මෙම යෝජනාව සම්මත විය.
අදාළ යෝජනාවට පක්ෂය ඡන්ද 36 ක් ඉදිරිපත් වූ අතර රටවල් 10 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිණි. එමෙන්ම අමෙරිකාව පමණක් යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කර තිබිණි.
මෙම යෝජනාව සම්මත වීම පිළිබඳව ඊශ්‍රායලය කනස්සල්ලට පත්ව තිබූ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දෙබිඩි පිළිවෙත පිළිබඳව අප්‍රසාදය ද පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මානව හිමිකම් කවුන්සිලය ඉරානය ඇතුළු අරාබි රටවල මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමර්ශනයන් නොපවත්වා ඊශ්‍රායලය සම්බන්ධව පමණක් අවධානය යොමුකරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.
ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමට බටහිර ඉවුර වෙත ඇතුළුවීම ඊශ්‍රායලය විසින් අවහිර කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යෝජනාවට අනුව මානව හිමිකම් කඩවීම් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීම සඳහා මෙම කණ්ඩායම බටහිර ඉවුර ප්‍රදේශය වෙත පැමිණීමට නියමිතව තිබිණි.
http://sinhala.adaderana.lk/news.php?nid=23147