පලමුව එහි ආරම්භය පිලිබඳ යමක් පවසමි.Dow තියරිය ලෙස දැනට ප්‍රකාශ වී ඇත්තේ Charles Dow නැමැති Dow Jones සහ සමාගමේ සම අයිතිකරු විසින් කොටස් වෙළඳ පොලේ හැසිරීම පිලිබඳ පල කරන ලද ලිපි එකතුවකි.
Dow තියරි යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ S.A.Nelson විසිනි.ඒ 1903 Dow ගේ ලිපි එකතු කොට පල කරන ලද The ABC of Stock Speculation නැමැති පොත මගිනි.
දැන් අපි Dow තියරි යේ ඇති මූලික සිද්ධාන්ත හය පිලිබඳ සලකා බලමු.මෙහිදී අමතක නොකල යුතු තවත් කරුනු කීපයක් වෙයි.පලමුවැන්න නම් මෙම තියරිය මගින් කොටස් වෙලඳ පොලේ දිශාව පිලිබඳ අනාවැකි පල කිරීම Dow ගේ අරමුණ නොවුනු බවයි. ඔහුගේ අරමුණ වූයේ කොටස් වෙළඳ පොලේ දිශාව හඳුනා ගැනීම මගින් සමස්ථ ආර්ථික තත්වය පිලිබඳ කිසියම් හඳුනා ගැනීමක් කිරීමයි. දෙවැන්න නම් Dow විසින් මෙම ක්‍රමවේද උපයෝගී කර ගත්තේ එකල පැවති ප්‍රධන අංශ දෙකක් සඳහා බවය.එ නම්,
1.කර්මාන්ත සඳහා වූ දර්ශකය (Indrustial average)
2.ප්‍රවාහනය(ප්‍රධන වශයෙන් දුම්රිය) සඳහා වූ දර්ශකය (Transportation/Railway average)
තෙවැන්න නම් Dow සෑම විටම සිය අධ්‍යයනය කිරීම් සඳහා යොදාගත්තේ කොටසක දිනයේ අවසානයට ගනු - දෙනු වූ මිලයි(closing price).එක් දිනක් තුල සිදුවන විචලනය වීම් වැදගත් යැයි Dow සැලකුවේ නැත.
Dow තියරියේ මූලික සිද්ධාන්ත
1.වෙළඳ පොල නොහොත් මිල ගනන් වලින් සෑම දෙයක්ම පෙන්නුම් කෙරෙයි. (The Averages/Market Discounts Everything.)
2.වෙළඳ පොලේ රටා තුනක් ඇත. (The Market Has Three Trends)
3.ප්‍රධාන රටාවල පරායාස තුනක් ඇත. (Major Trends Have Three Phases)
4.දර්ශකයන් එකකින් අනෙක සනාථ විය යුතුය. (The Averages Must Confirm Each Other)
5.කොටස් වල පරිමාව හෙවත් ගනු - දෙනු වන කොටස් ප්‍රමානය මගින් ද රටාව සනාථ විය යුතුය. (Volume Must Confirm the Trend)
6.රටාව වෙනස්වූ බවට පැහැදිලි සංඥා ලැබෙන තුරු එම රටාව ක්‍රියාත්මක වන බවට සැලකෙයි. (A trend is Assumed to be in Effect Until It gives Definite Signals That It Has Reversed.)
Source:-TA of the Financial Markets by John J. Murphy and Internet.I am really grateful to them.
Last edited by rijayasooriya on Mon Apr 30, 2012 7:00 pm; edited 1 time in total