එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ, එන්.එස්.බී. බැංකුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් මෙන්ම කොටස් වෙළෙඳපොළ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම විමර්ශන කළ යුතු බවයි.
‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් එන්.එස්.බී. බැංකුවට සිදු වූ පාඩුව රුපියල් මිලියන 150ක් පමණ වේ. එම කොටස් මිලදී ගැනුනේ එකක් රුපියල් 49 යි ශත 74 බැගින් වන අතර, ඒ වන විට කොටසක වටිනාකම රුපියල් 30 ශත 30ක්ව පවතින.
ප‍්‍රකට ජ්‍යෝතීර වේදියෙකු ද එන්.එස්.බී. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින බව පැවසු ආචාර්ය හර්ෂ සිල්වා මහතා, සිදු වූ වරද එම ජ්‍යෝතීර්වේදියාට හෝ නොපෙනුනේදැයි ප‍්‍රශ්න කළේය.
ආචාර්ය හර්ෂ සිල්වා මන්ත්‍රීවරයාගේ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රතිචාරය කුමක්දැයි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් කල විමසීමේදී ඒ මහතා පැවසුවේ, එම අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් සොයා බැලීමට ශී‍්‍ර ලංකා මහ බැංකුවට බලයක් නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුත්තේ විනිමය හා සුරැකුම්පත් කොමිසන් සභාව බවද ඔහු ප‍්‍රකාශ කළේය.
http://sinhala.srilankamirror.com/2012/05/09/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b7%85%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a/