ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුපිරි වෙළෙඳසල්වල විශිෂ්ට කළමනාකාරීත්වය සඳහා පිරිනමන සහතිකයෙන් කීල්ස් සුපර් පිදුම් ලැබූ කීල්ස් සුපර් ක්‍රෙස්කැට්, යූනියන් පෙදෙස හා රාජගිරිය සුපිරි වෙළඳසල්වල කළමනාකරුවන් ඇතුළු ජෝන් කීල්ස් සමූහයේ ආයතනික මූල්‍ය සහ සමූහ උපක්රමික සභාපති කිෂාන් බාලේන්ද්‍ර, ඡේකේ මාර්කටිං ප්‍රධාන විධායක නිලධාරි චරිත සුබසිංහ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති කංචන රත්වත්ත, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත සෙනවීර යන මහත්වරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
සුපිරි වෙළෙඳසල් ජාලය වන කීල්ස් සුපර්, සුපිරි වෙළෙඳසල් ජාලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිරිනමන ලද සුපිරි වෙළෙඳසල්වල විශිෂ්ට කළමනාකාරීත්වය සඳහා පිරිනමන සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබීය.
ඒ අනුව මෙරට ක්‍රියාත්මක වන සුපිරි වෙළෙඳසල් ජාලය අතරින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිරිනමන ලද මෙම සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සුපිරි වෙළෙඳසල් ජාලය ලෙස කීල්ස් සුපර් ඉතිහාසයට එක්වනු ඇත.
මෙම සහතික පිරිනැමීම පසුගියදා කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සිදු කෙරිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති කංචන රත්වත්ත, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් සෙනවීර, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික මූල්‍ය සහ සමූහ උපක්රමික සභාපති කිෂාන් බාලේන්ද්‍ර, ඡේකේ මාර්කටිං ප්‍රධාන විධායක නිලධාරි චරිත සුබසිංහ යන මහත්වරු ඇතුළු ප්‍රමිති ආයතනයේ හා ඡේකේ මාර්කටිං ආයතනයේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ Sඛී 1432 2011 දරණ විධිවිධාන යටතේ මනාව සිදු කරන ලද සමීක්ෂණ වාර්තා පදනම් කරගෙන කීල්ස් සුපර් සුපිරි වෙළෙඳසල් ජාලයේ ප්‍රධාන ශාඛාවන් 03 ක්වන කීල්ස් සුපර් ක්‍රෙස්කැට්, යූනියන් පෙදෙස හා රාජගාරිය යන ශාඛාවන්ට මෙම තත්ත්ව සහතික පිරිනමා ඇත.
සැමදා තත්ත්වයෙන් උසස්, විශිෂ්ට, නියමිත ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ පමණක් සැපයීම තේමා කරගත් කීල්ස් සුපර් සුපිරි වෙළෙඳසල් ජාලය තුළ, භාණ්ඩ නියමිත සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නා අවස්ථාවේ සිට එය පාරිභෝගිකයා අතට පත්වන තෙක් සිදුවන්නා වූ සමස්ත ක්‍රියාවලිය මෙම සහතිකය පිරිනැමේදී ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක්විය.
එහිදී භාණ්ඩවල ප්‍රමිතිය පමණක් නොව එම ප්‍රමිතිය පවත්වා ගැනීමට අවශ්‍ය කරන තත්ත්වයන් මනාව පාලනය කරගෙන ඇති ආකාරයද පරීක්ෂා කරන ලදී. මෙහිදී සුපිරි වෙළෙඳසල තුළ ඇති පිරිසිදුකම හා සනීපාරක්ෂාවද එහි අවට පරිසරයේ සුරක්ෂිතභාවයද ඇගයීමට ලක් කෙරිණි. එසේම මෙහිදී බේකරි නිෂ්පාදනයන් හා ඒවා නිපදවීමේදී අනුගමනය කරන සියලුම ක්‍රමවේදයන් හා පරිභෝජනය සඳහා නියමිත ප්‍රමිතිය හා පිරිසිදුකම ගැනද ප්‍රමිති ආයතනය විශේෂ අවධානය යොමු කරන ලදී. එමෙන්ම මෙම භාණ්ඩ උසස් තත්ත්වයෙන් පාරිභෝගිකයා අතට පත් කිරීමට නිරන්තරයෙන් වෙහෙසවන හා ඒ සඳහා කටයුතු කරන සේවක සේවිකාවන්ගේ ප්‍රාථමික සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන ප්‍රමිති ආයතනය නිරන්තර අවධානය යොමු කරන ලදී.
http://www.divaina.com/2012/05/23/velanda01.html