පාරිභෝගිකයන් වෙත දක්වන ගුණාත්මක සහ ඉහළ සේවාව වෙනුවෙන් සී.අයි.සී. ෆීඞ්ස් සමූහ ව්‍යාපාරය මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇගයීමට ලක් වුණා. පසුගිය වසර 04ක් අඛණ්ඩව ඇග්බීස් රන් සම්මානයෙන් සී.අයි.සී. ෆීඞ්ස් සමූහ ව්‍යාපාරය පිදුම් ලැබූ අතර, 2007 වසරේ පැවැති ජාතික පශු සම්පත් සම්මාන උළෙලේ දී මෙරට විශිෂ්ඨතම සත්ත්ව ආහාර සමාගම ලෙස ද ඇගයීමට ලක්වුණා. ඉහළ ප්රමිතීන් නොකඩවා පවත්වාගෙන යාම, උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීම මෙම සම්මාන හිමිවීමට හොඳම සාක්ෂිය බව ද සී.අයි.සී. ෆීඞ්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ ලාල් සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.
http://www.hirunews.lk/sinhala/38392