- සෝමාලියානු ෂෙබාබ් සංවිධානය පවසයි
ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා අල්ලා දුන් කෙනකුට ඔටුවන් දස දෙනකු දෙන බව සෝමාලියානු ෂෙබාබ් ත්‍රස්‌ත සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. ෂෙබාබ් සංවිධානය මේ බව පවසා ඇත්තේ එකී සංවිධානයේ නායකයාව අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 33 ක් දෙන බවට ඇමරිකාව කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි.
ෂෙබාබ් සංවිධානයේ නායකයා වූ අහ්මද් අබි විසින් ඔබාමාගේ වටිනාකම ඔටුවන් දස දෙනකු යෑයි තීරණය කර ඇත.
http://www.divaina.com/2012/06/12/forign05.html