ජංගම සන්නිවේදන ක්‌ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා මෙරට පළමු ජංගම දුරකථනයෙන් කෙරෙන මුදල් ගනුදෙනු සේවාව හඳුන්වාදීම ප්‍රකාශයට පත් කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2005 අංක 28 දරන ගෙවීමේ සහ පියවීම් පනත යටතේ බලපත්‍ර නිකුත් කෙරිණි. මෙහිදී භාරකාර බැංකු සේවා සම්පාදකයා වශයෙන් හැටන් නැෂනල් බැංකුව කටයුතු කරයි.
මෙම අති නවීන ජංගම දුරකථනයෙන් කෙරෙන මුදල් ගනුදෙනු සේවාව ඩයලොග් මගින් හඳුන්වාදෙන ලද්දේ 'eZ Cash' වෙළෙඳ නාමය යටතේය. මෙහිදී ජංගම සන්නිවේදන ග්‍රාහකයින් හට සිය ජංගම දුරකථනය තුළ ජංගම මුදල් ගිණුමක් පවත්වාගෙන යැමේ අවස්‌ථාව උදා වේ. මේ වන විට මිලියන 7.5 කට අධික ඩයලොග් ග්‍රාහකයින් වෙත මෙම සේවාව ඔස්‌සේ මුදල් යෑවීම හෝ ලබාගැනීම සහ සෘජුව සිය ජංගම දුරකථනය යොදා ගනිමින් බිල්පත් ගෙවීම මෙන්ම භාණ්‌ඩ හා සේවා සඳහා ගාස්‌තු ගෙවීම සිදුකළ හැක.
"ශ්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන ක්‌ෂේත්‍රය ජංගම මුදල් ගනුදෙනු යුගයක් කරා ගෙනයැමට පුරෝගාමීත්වය සැපයීමට හැකිවීම අප ලද වරප්‍රසාදයක් කොට සලකනවා. මෙහිදී ජංගම දුරකථනය විවිධ ප්‍රයෝජන සහිත මුදල් ගනුදෙනු මෙවලමක් බවට පත් වෙනවා. ජංගම මුදල් තාක්‌ෂණය අප මුදල් ගනුදෙනු කරන ආකාරය පරිවර්තනයකට ලක් කරන අතර මෙහිදී ඉලෙක්‌ට්‍රොනික් මුදල් හුවමාරු සහ ගෙවීම් සේවාවන් සෑම ශ්‍රී ලාංකිකයකු හටම අත්විඳිය හැකියි. ශ්‍රී ලංකාව තුළ ජංගම මුදල් ගනුදෙනු යුගයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ප්‍රගතිශීලී මූල්‍යමය අන්තර්ග්‍රහනය කෙරෙහි අවධානය යොමුකරන්නා වූ නියාමන ප්‍රතිපත්ති බෙහෙවින් ඉවහල් වූ බව මෙහිදී පැවසිය යුතුයි. මේ සම්බන්ධයෙන් සලකන කල ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් නීති සහ ජංගම ගෙවීම් නීති පද්ධතීන් ලොව තුළ අතිශය ප්‍රගතිශීලී මට්‌ටමක පවතින බව පැවසිය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව, විදුලි සංදේශ නියාමන කොමිසම සහ අපගේ භාරකාර බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ සහයෝගය සමගින් ජාතික මට්‌ටමේ ජංගම මුදල් ගනුqදෙනු සේවාවක් බිහිකිරීමට අපහට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. මෙහිදී මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ඉලෙක්‌ට්‍රොනික් මුදල් ගනුදෙනු සේවාවන් ඔස්‌සේ සවිබල ගැන්වෙනවා." යනුවෙන් ඩයලොග් ආසිආටාහි අධ්‍යක්‌ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය පැවසීය.
"ප්‍රගතිශීලී නියාමනය සහ නවතාවන් ඔස්‌සේ මූල්‍යමය අන්තර්ග්‍රහනය සිදුකිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රමුඛ සහ අඛණ්‌ඩ ප්‍රතිපත්තිය වෙනවා. ඒ අනුව සමාජයේ සෑම පාර්ශ්වයක් හටම ඉලෙක්‌ට්‍රොනික් මුදල් ගනුදෙනු සේවාවන් භාවිත කළ හැකි වටපිටාවක් නිර්මාණය කළ හැකි පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජංගම මුදල් ගෙවීම් නියාමනයන් සැකසී තිබෙනවා. පසුගිය දශකයක පමණ කාලයක් තුළ ජංගම දුරකථනය මගින් දිවයින පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයිනගේ ජීවිත ඉමහතA පරිවර්තනයකට ලක් කොට ඇති බව පැහැදිලි කරුණක් වෙනවා. දැන් සෘජුව ජංගම දුරකථනය යොදාගනිමින් මුදල් හුවමාරු කිරීමේ සහ ගෙවීමේ සේවාව හඳුන්වාදීමත් සමග අපගේ ප්‍රජාව ඉලෙක්‌ට්‍රොනික් මුදල් ගනුදෙනු සේවාවන් ඔස්‌සේ තවදුරටත් සවිබල ගැන්වෙනවා. ගෙවීම් සහ පියවීමේ පනතින් සකසන ලද නියාමන වටපිටාව උපයෝගී කරගනිමින් මෙම සේවාව වෙළෙඳපොළට හඳුන්වාදීමේ අභියෝගය මෙරට ප්‍රමුඛ ජංගම සන්නිවේදන සේවා සම්පාදකයා වන ඩයලොග් භාරගැනීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. හැටන් නැෂනල් බැංකුව ඩයලොග් ආසිආටාහි භාරකාර බැංකුව බවට පත්වෙමින්ද, ඩොයිෂ් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු ජංගම මුදල් සේවාවෙහි භාරකාරත්වය උසුලමින්ද නවතාවකින් යුතුව හඳුන්වාදෙන ලද මෙම සේවාව බැංකුකරණ සහ විදුලි සංදේශ ක්‌ෂේත්‍රයන්හි මනා සංකලනයක් වශයෙන් හැඳින්විය හැකියි." යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.
ඩයලොග්හි ජංගම මුදල් සේවාව වන 'eZ Cash' හඳුන්වාදීමත් සමග මිලියන 7.5 කට අධික ඩයලොග් ග්‍රාහකයින් හට සිය ජංගම දුරකථනයෙන් ඃ111ඃ ඩයල් කිරීමන් මෙම සේවාව ලබාගත හැක. සේවාව හා සම්බන්ධ වූ 'eZ Cash' ග්‍රාහකයකු හට ඉන් අනතුරුව දිවයින පුරා පිහිටි 'eZ Cash' අලෙවි සල් 10,000 කට අධික සංඛ්‍යාවකදී සිය ජංගම දුරකථනය වෙත මුදල් ඇතුළත් කරගත හැකි වේ. මෙසේ මුදල් ඇතුළත් කරගැනීම සුපිරි වෙළඳ සල් zබැංකු ශාඛාZ ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ අන්තර්ජාල හා දුරකථන බැංකු සේවාවන් ඔස්‌සේද සිදුකළ හැකි වේ. මෙහිදී 'eZ Cash' ගිණුම් අතර මුදල් හුවමාරුව මෙන්ම භාණ්‌ඩ හා සේවා සඳහා ගෙවීම් සිදුකිරීම සහ අන්තර්ජාලය ඔස්‌සේ භාණ්‌ඩ මිලදී ගැනීම ජංගම දුරකථනයේ ඇති ෙත්‍රෙභාෂික සේවා ජාලය යොදා ගනිමින් කෙටි පණිවිඩයක් යෑවීමෙන් සිදුකළ හැකි වේ. අතිශය දියුණු තත්ත්වයේ සෑම ජංගම මුදල් ගනුදෙනුවක්‌ම ග්‍රාහකයාට අදාළ රහස් අංකයකින් මෙන්ම 3DES අනුමැතිය හා සෙසු ක්‍රියාමාර්ගයන් ඔස්‌සේ සුරක්‌ෂිත කොට ඇත. මෑතකදී ඩයලොග් ශ්‍රී ලංකාවේ පළමු බලපත්‍ර ලත් ඉලෙක්‌ට්‍රොනික් ගෙවීම් සේවා සම්පාදකයා බවට පත් වූයේ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව ඉලෙක්‌ට්‍රොනික් ගෙවීම් පද්ධති පවත්වාගෙන යැම උදෙසා (ඡක්‍ෂ-DSS) දත්ත සුරක්‌ෂිතතා තත්ත්ව සම්මත සහතිකත්වය හිමිකර ගනිමිනි. මෙම සේවය ලබාගන්නා ග්‍රාහකයින් හට 'eZ Cash' අලෙවිසල් 10,000 කට අධික සංඛ්‍යාවකදී මුදල් ආපසු ලබාගත හැකි වන අතර මිලියන 7.5 කට අධික ග්‍රාහක සමූහයක් ද සමගින් 'eZ Cash' ජාලය ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම මුදල් හුවමාරු සේවාව බවට පත් වේ.
"ජංගම සන්නිවේදන සේවාවන් සැමට අත්විඳීමේ අවස්‌ථාව ලබාදීමේ අපගේ ප්‍රයත්නයන් ඔස්‌සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය කැපී පෙනෙන අයුරින් උසස් මට්‌ටමකට ගෙන ඒමට හැකිවීම අප හට ඉමහත් සතුටට කරුණක් වෙනවා" යනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙහි අධ්‍යක්‌ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.
"මෙසේ ජංගම දුරකථනය යොදාගනිමින් මුදල් ගනුදෙනු කිරීමට හැකිවීම ඔස්‌සේ කාර්යක්‌ෂමතාව ඉහළ නැංවෙන අතර එය ජාතික ආර්ථිකය වර්ධනය වීම කෙරෙහි ඉවහල් වෙනවා." යනුවෙන් හෙතෙම තවදුරටත් පැවසීය.
"ජංගම දුරකථනය පදනම් කරගත් ඉලෙක්‌ට්‍රොනික් ගනුදෙනු සේවාවන් බිහිකිරීම සඳහා අවශ්‍ය නියාමනයන් සැකසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරන ලද ප්‍රයත්නය අපගේ ඇගයුමට ලක් වෙනවා. මෙම සේවාව හඳුන්වාදෙමින් ජංගම සන්නිවේදන ක්‌ෂේත්‍රයෙහි තවත් කැපී පෙනෙන කඩඉමක් සනිටුහන් කිරීම උදෙසා ඩයලොග් වෙතද අපගේ ප්‍රණාමය හිමි වෙනවා." යනුවෙන් පැල්පිට මහතා අවසන් වශයෙන් පැවසීය.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම මුදල් ගනුදෙනු සේවාව ගෙවීම් සහ පියවීම් පනතට අනුකූලව බැංකුකරණ සහ විදුලි සංදේශ ක්‌ෂේත්‍රයන්හි මනා සංකලනයක් තුළින් සේවා සම්පාදනය සහ ග්‍රාහක සුරක්‌ෂිතතාව තහවුරු කරනු ඇත. මේ අනුව සලකන කල භාරකාර බැංකුව මගින් ජංගම ගෙවීම් පද්ධතිය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් ශ්‍රීS ලංකා මහ බැංකුවේ රෙගුලාසි වලට අනුකූලව සියලුම ජංගම ගිණුම් ශේෂයන්හි සුරක්‌ෂිතතාව තහවුරු කරයි.
මේ පිළිබඳව සිය අදහස් දක්‌වමින් හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රාඡේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය. "අද ශ්‍රී ලංකාව ජංගම දුරකථන යොදාගනිමින් ගෙවීම් සිදුකිරීමේ යුගයක් වෙත එළඹෙන අතර එහිදී මෙරට තුළ පහළ අගයකින් යුත් ගනුදෙනු සහ අරමුදල් හුවමාරුවීම් රැසක් සිදුවනු ඇති. මෙමගින් සියලුම ශ්‍රී ලාංකිකයන් මූල්‍යමය අන්තර්ග්‍රහනය වෙත ඇතුළත් කෙරෙන අතර මෙය මෙරට ඉලෙක්‌ට්‍රොනික් ගෙවීම් ක්‌ෂේත්‍රය නිර්මාණය වීමේ පදනම සකසනු ඇති. දිවයින පුරා විසිරුනු පුළුල් ශාඛා ජාලයක් සමගින් මෙරට ප්‍රමුඛ ජංගම සන්නිවේදන සේවා සම්පාදකයා වන ඩයලොග් ආසිආටාහි භාරකාර බැංකුව වශයෙන් කටයුතු කිරීමට හැටන් නැෂනල් බැංකුවට හැකිවීම අභිමානයක් කොට සලකනවා. මේ සමගින් සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් ජංගම සන්නිවේදන සහ බැංකුකරණ ක්‌ෂේත්‍රයන්හි සුසංයෝගයෙන් නවීන මුදල් හුවමාරු සේවා වටපිටාවක් බිහි වනු ඇති බව මාගේ විශ්වාසයයි."
ඩයලොග්හි 'eZ Cash' ජංගම මුදල් හුවමාරු සහ ගෙවීම් සේවාව ඩොයිෂ් බැංකුව මගින් පරිපාලනය කෙරෙන භාරයක් ඔස්‌සේද සුරක්‌ෂිත කෙරේ. හැටන් නැෂනල් බැංකුව, ඩොයිෂ් බැංකුව සහ ඩයලොග් ආසිආටා අතර පවතින මෙම ෙත්‍රෙපාර්ශ්වීය භාර මෙවලම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි වලට අනුකූලව ජාත්‍යන්තර මට්‌ටමේ ග්‍රාහක සුරක්‌ෂිතතා තත්වයක් නිර්මාණය වනු ඇත.
http://www.divaina.com/2012/06/14/velanda01.html