පසුගියදා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් මෙගා හට්ස් 1800 පරාසයේ මෙගා හට්ස් 10 ක තරංග මාලා කොටසක් මිලදී ගත් ඩයලොග් ආසිආටා සමාගම දකුණු ආසියාවේ පළමුවන ජංගම සිව්වන පරම්පරාවේ දුරකතන සේවා (4G) ලෙස සටහන් වෙමින් කොළඹ නගරය පදනම් කර ගනිමින් වාණිජ ජංගම 4G දුරකතන සේවා හඳුන්වා දෙයි.
ග්‍රාහකයින් මිලියන 7.8 කට අධික ප්‍රමාණයක් සිටින ඩයලොග් සමාගම ගිය වසරේ අවසාන කාලයේදී කොළඹ නගරය පදනම් කර ගනිමින් TD-LTE තාක්ෂණය පදනම් කරගත් ස්ථාවර 4G සේවා හඳුන්වා දුන් අතර පසුව එම සේවා මහනුවර හා යාපනය යන නගර වෙතද ව්‍යාප්ත කරන ලදී.
විදුලි සංදේශ නියාමන කොමිසම විසින් පසුගියදා පැවැත්වූ තරංග මාලා වෙන්දේසියේදී සිය 4G සේවා ව්‍යාප්ත කිරීම සඳහා සමාගම විසින් මෙගා හට්ස් 10 ක් වන මෙම තරංග මාලා කොටස රුපියල් බිලියන 3.277 ක මුදලකට මිලදී ගත් අතර මේ සමග සමාගම සතුවන තරංග මාලා කොටස මෙගා හට්ස් 25 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=6662355