මේ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරුවේ Asian Resorts & Casinos සමාගම තෝරාගෙන ඇති අතර ව්‍යාපෘතිය සිදුකරන්නේ Katana City Developments Private Limited සමාගම විසිනුයි.
මෙම ව්‍යාපෘතිය අක්කර 200 ක භූමියක සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් හෝටල් කාමර 2500 කට වැඩි ගණනක් ඉදිවන ලෙස හෝටල් කිහිපයක් හා සාප්පු සංකීර්ණ ඇතුළු විවිධ පහසුකම් මෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
ආයෝජන මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රනාන්දු පවසන්නේ මෙම ව්‍යාපෘතිය මෙරට සංචාරක කර්මාන්තය නැංවීමට ඉවහල් වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ කටාන නගරය හා බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මොනෝරේල් සේවාවක් මගින් සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=85041667