"ලාංකිකයන් උදෙසාම වූ බැංකුවක් ලෙස හැඳින්විය හැකි සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ බහු ජාතික සහ බහු ආගමික ජනතාවගේ විවිධ ආගමික පිළිවෙත් සඳහා සහාය දක්වමින් සැබෑම දේශීය බැංකුවක් ලෙස තවදුරටත් තම අනන්‍යතාවය තහවුqරු කර තිබේ.
මීගමුව ශාන්ත මරියා පල්ලියේදී තුති පිදීමේ දේව මෙහෙයක් පැවැත්වීම සමඟ බැංකුවේ 25 වැනි සංවත්සර සැමරුම ආරම්භ කරන ලදී. මේ සඳහා පල්ලියේ ප්‍රධාන පූජක ගරු ආචාර්ය එමනල් ප්‍රනාන්දු පියතුමා බැතිමතුන් සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහභාගි වූහ.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල විශේෂ බෝධි පූජාවක් පැවැත්වූ අතර එම දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල පාසල් ළමුන් සඳහා පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක්ද මෙහෙයවන ලදී. මෙම වැඩසටහන සඳහා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා මහතා සමඟ අනුරාධපුර පිහිටි සම්පත් බැංකු ශාඛාවන්හි කළමනාකරුවන් සහ සේවක මණ්ඩලය සහභාගි විය.
මේ මස ආරම්භයේදී බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මණ්ඩලය අස්ගිරිය පිරිවෙනෙහි හිමිවරු 175 කට සාංඝීක දානයක් පිරිනමමින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට නෙළුම් මල් සහ අටපිරිකර පූජා කරන ලදී. අස්ගිරිය පිරිවෙනෙහි මහ නායක හිමි වන අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ත හිමි ඇතුළු අනෙකුත් හිමිවරුන් විසින් 200 කට අධික සේවක පිරිසට සෙත් පතා පිරිත් දේශනයක් කළහ. පෙරේරා මහත්මා විසින් රු. 100,000 ක උදාර පරිත්‍යාගයක් මහානායක හිමිට පිsරිනැමීමත් සමඟ පිරිවෙනෙහි හිමිවරුන්ට අධ්‍යාපනය උදෙසා ශිෂ්‍යත්ව අරමුදලක් ද මෙහිදී විවෘත කරන ලදී.
යුද්ධය අවසන් වීමෙන් පසු උතුර සහ නැගෙනහිර ප්‍රදේශයන් ආවරණය කළ බැංකු කිහිපයෙන් එකක් වන සම්පත් බැංකුව යාපනයේ නල්ලූර් කෝවිලේ විශේෂ පූජාවක් පවත්වන ලදී. මෙම පූජාවෙන් පසුව නල්ලූර් හින්දු දමිල කුමරි විදුහලේ ප්‍රාථමික අංශයට රුපියල් 50,000 ක මුදල් පරිත්‍යාගයක් සමඟ අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදුන් අතර පාසලේ සිසුන් 65 දෙනකු සඳහා ඉතිරිකිරීමේ ගිණුම් 65 ක් විවෘත කරන ලදී. මීට අමතරව යාපනය පුස්තකාලයට වටිනා පොත් තොගයක් පරිත්‍යාග කරන ලදී. ප්‍රධාන අමුත්තා වූ යාපනයේ නගරාධිපති පී. යෝගේෂ්වරී මහත්මිය, රජයේ නිලධාරීන් සහ කළමනාකරණ අධ්යක්ෂ අරවින්ද පෙරේරා මහතා ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙක් මෙම උත්සවය සඳහා සහභාගි විය. 25 වෙනි සංවත්සරය සැමරීම සඳහා අක්කරෙයිපත්තු ශාඛාවේ දී මෞලාවි කුදෝස් විසින් විශේෂ ආගමික බැති ගී ගායනයක් පවත්වන ලදී. මෙම උත්සවය සඳහා සහභාගි වූ කළමනාකරණ අධ්යක්ෂ සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් විසින් රුපියල් 100,000 ක් වටිනා වෛද්‍ය උපකරණ අක්කරෙයිපත්තු මූලික රෝහලට පරිත්‍යාග කරන ලදී.
බැංකුවේ ලාංඡනය ලෙස සෞභාග්‍ය සහ පෝෂණය නිරූපණය කරන ඓතිහාසික සංකේතයක් වන පුන්කලස යොදා ගනිමින් සාම්ප්‍රදායික සාරිවලින් සැරසුනු කාන්තා සේවක මණ්ඩලය "ආයුබෝවන්" කියා ආචාර කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සම්ප්රදායයන් සහ වටිනාකම්වලට ගර eකරන සැබෑ දේශීය බැංකුවක් බව පිළිබිඹු කරන අතර කැපවීමෙන් ක්‍රියාකිරීම තුළින් සම්පත් බැංකුව ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත්රය තුළ වර්තමානයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇත.
අද සම්පත් බැංකුව 209 ක්වූ දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000 ඉක්මවූ සේවක මණ්ඩලයක් සමඟ මෙරට පෞද්ගලික අංශයේ වාණිජ බැංකු අතර තෙවෙනි විශාලතම බැංකුව බවට පත්වී ඇත.
http://www.divaina.com/2012/07/08/economic01.html