ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකාව ඇතිකර ගැනීමට යන වසර දෙකේ නව වැඩසටහන මගින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම, අයවැය හිඟය හා උද්ධමනය පහළ තබා ගැනීම වැනි දිගුකාලීන අරමුණු වලට පැමිණීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය වේ.
ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ඩොලර් බිලියන 2.5 ක ණය ලබාගත් මූල්‍ය අරමුදලේ වැඩසටහන පසුගිය සිකුරාදා සාර්ථකව නිමාවූ අතර මූල්‍ය අරමුදල සමග ලංකාව පැවති ණය වැඩසටහනක් සම්පූර්ණ වූයේ පළමු වතාවටයි.
මේ අනුව, ලංකාව මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ඇතිකර ගැනීමට හෝ අරමුදල් ලබාගැනීමේ පහසුකම දීර්ඝ කර ගැනීමට කැමැත්තෙන් සිටී.
මේ පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ අඩුම ගණනේ තවත් වසර දෙකක් හෝ මූල්‍ය අරමුදල සමග සම්බන්ධවී සිටීමට අරමුණු කරන බවයි.
රජයේ ආදායම වැඩිකර ගැනීම හා රාජ්‍ය ව්‍යවසායන් වර්ධනය කර ගැනීම වැනි දේ රජය හමුවේ තිබෙන බවත් ඉදිරි වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම ඉදිරියේදී පැමිණෙන මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩලයක් මගින් සිදුකරන බවත් අරමුදලේ නේවාසික නියෝජිත කොෂි මතායි කීය.
http://www.vimasuma.com/