1971 මැයි 30 වැනිදා මූල්‍ය සමාගමක් ලෙස ආරම්භ වුණු එල් බී ෆිනෑන්ස් ආයතනය 1998 වන විට ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ සාමාජික සමාගමක් බවට පත් විය.
දශක 4 කටත් වඩා වැඩි සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියමින් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ධන උත්පාදකයකු බවට පත්වීමේ බලාපොරොත්තුව පෙරදැරිව කටයුතු කරන මෙම ආයතනය පසුගිය මැයි 30 ට යෙදුණු 41 වැනි සැමරුමට සමගාමීව ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීමටද කටයුතු කරන ලදී.
එමෙන්ම මෙම අනභිභවනීය අවස්ථාවේදී ස්වකීය පාරිභෝගික හිතවතුන් වෙනුවෙන් නවතම වැඩසටහන් කීපයක් හඳුන්වාදීමටද එල් බී ෆිනෑන්ස් සමාගම කටයුතු කර සිටී.
ජාතික මට්ටමේ ආර්ථික සංවර්ධනයට දායක වන අතරම පාරිභෝගික භවතුන්ගේ රථවාහන අවශ්‍යතා සපුරාගැනීම සඳහා වන "එල් බී රියපොළ" වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එල් බී ෆිනෑන්ස් හි ප්‍රධාන අලෙවි කළමනාකරු රොෂාන් ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
"මෙවර අපගේ 41 වැනි සැමරුම වෙනුවෙන්ම පාරිභෝගික හිතවතුන් සඳහා අපි ඉදිරිපත් කරනු ලබන වැඩසටහන තමයි එල් බී රියපොළ කියන්නේ. මෙහිදී කෙනකුට වාහනයක් විකිණීම, මිලදී ගැනීම, මිලදී ගැනීම සඳහා පරීක්ෂා කිරීම මෙන්ම රක්ෂණය කිරීමත් එකම තැනකදී කර ගැනීමේ පහසුකම තිබෙනවා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව වාහනයක් විකුණන අතරම එම ස්ථානයේදීම තමන්ට රුචි වාහනයක් මිලදී ගැනීමත් මෙම එල් බී රියපොළේදී සිදු කරගන්න පුළුවන්"
"පසුගිය මාසයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන සෑම මාසයකම තුන්වැනි සති අනාතයේදී පැවැත්වෙනවා. කොළඹින් බැහැරව අපේ සමාගම් ශාඛා ජාලය අනුබද්ධ කර ගනිමින් මෙම වැඩසටහන පුළුල් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා"
http://www.divaina.com/2012/07/29/economic06.html