Sri Lanka state revenues down in first half, current expenses flat
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2013 මුල් මාස හය තුළදී රජයේ ආදායම් සියයට 7.6 කින් අඩුවී එය රුපියල් බිලියන 481.7 ක් වෙද්දී බදු ආදායම් සියයට 5.1 කින් අඩුවී රුපියල් බිලියන 458.7 ක්වූ බවයි.
මෙම දත්ත වලින් පෙනී යන්නේ මෙම කාලයේදී වර්තන වියදම් රුපියල් 595.2 ක මට්ටමක තබා ගැනීමට මහා භාණ්ඩාගාරය සමත්ව තිබෙන බවත් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ සියයට 01 කින් පමණක් බවයි.
රජයේ අදායම් පහත වැටෙන විට අයවැය හිඟය අඩුකර ගැනීමට තිබෙන හොඳම මග වන්නේ රජයේ වියදම් අඩුකර ගැනීමයි. රජය විසින් සිය වියදම් අඩුකර ගන්නා විට පුද්ගලික අංශයට එම මුදල් භාවිතා කරමින් ආර්ථික සංවර්ධනයට දායකත්වය දැක්වීමේ අවස්ථාව හිමිවේ.
රජයේ ආදායම් අඩුවීම හමුවේ මේ වසරේ මුල් මාස හය තුළදී අයවැයේ වර්තන ගිණුමේ හිඟය සියයට 66 කින් වර්ධනය වී රුපියල් බිලියන 113.5 ක් වී තිබෙන්නේ එම ප්රමාණ දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස සියයට 1.3 ක් වෙමිනි.
මෙම කාලයේදී ප්රාග්ධන වියදම් සියයට 9.5 කින් රුපියල් බිලියන 267.2 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.1 කි.
මේ අනුව, මේ වසරේ මුල් මාස හය තුළදී සමස්ත අයවැය හිඟය වර්ධනය වී තිබෙන්නේ සෙමිනි. සමස්ත අයවැය හිඟය සියයට 22 කින් වර්ධනය වී රුපියල් බිලියන 380.7 ක්වී තිබෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්රතිශතයක් ලෙස සියයට 4.38 කි.
ගිය වසරේ අදාළ කාලයේදී සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.12 ක් විය.
අනාවරණය වන ආකාරයට වසරේ ඊළඟ මාස හය තුළ රජයේ ආදායම්වල ප්රගතියක් දැකගත හැකිය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=21419439