විදේශීය හෝටල් සමාගමකට කොළඹ පිහිටි වටිනා ඉඩම් කැබැල්ලක් රුපියල් බිලියන 1.8 කට විකුණා දැමීමට Shaw Wallace and Hedges PLC සමාගම ගිවිසුමකට එළඹෙයි.
පර්චස් 264.65 ක් වන මෙම ඉඩම කොල්ලුපිටියේ පිහිටා තිබෙන අතර එය මිලදී ගැනීමට ගිවිසගෙන තිබෙන්නේ Avic International Hotels Lanka Limited සමාගමයි.
Shaw Wallace සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම ඉඩමට යාබදව සිය සමාගම විසින් ඉදිකරමින් සිටින තට්ටු 30 ක ගොඩනැගිල්ලට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෙම විකිණීම කරන බවයි.
මෙම ඉඩම ගැණුම්කාර සමාගම විසින් අදාළ ඉඩමේ මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.
මෙම විකිණීම සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය ලබාගැනීමට Shaw Wallace ළඟදීම විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට සූදානම් වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1172653367