පද්ධතිය පාලනය කිරීම සඳහා විදුලි බලය බෙදා ලබාදීම හේතුවෙන් මෙම ප්‍රදේශ වල විදුලිය බිඳ වැටී තිබෙනවාදැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ නිළධාරියෙකුගෙන් “විමසුම“ ඇසූ විට හෙතෙම සඳහන් කළේ දහවල් කාලයේ විදුලිය ඉල්ලුම මෙවැනි තත්ත්වයක් යටතේ වුවද ලබාදිය හැකි වුවත් සවස 5.00 පසුව ඇතිවන විදුලිය ඉල්ලුම සපුරාලීමට ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවයි.
මේ නිසා, ලක් විජය බලාගාරය සවස් වනවිට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් විදුලිය කප්පාදු කිරීමේ අවධානමක් ඇතිවිය හැකිබව වැඩිදුරටත් අනාවරණය වේ.
අද උදෑසන ලක්විජය බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා දිවෙන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වී තිබෙන අතර එය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=879365099