ජූනි 06, 2014 (විමසුම) – මෙම වසරේ දී ඇමරිකානු කොටස් වෙළඳපොල හරි අඩකින් පමණ කඩා වැටීමේ අවධානමක් ඇතැයි ප්‍රකට "Hedge Fund" කළමණාකරුවකු වන Mark Spitznagel නැමැත්තා අනතුරු අඟවයි.
එය අනුමත කරන ස්විස් ජාතික මූල්‍ය උපදේශකයකු හා අරමුදල් කළමණාකරුවකු වන Marc Faber සඳහන් කරන්නේ,
"අපි ඉන්නේ මහ බරපතළ මූල්‍ය වත්කම් බුබුළක. ඕනම දවසක ඒ බුබුළ පුපුරායන්න පුළුවං."
Faber සඳහන් කරන්නේ ජනපති ඔබාමා මීට වගකිව යුතු බවත්, ෆෙඩරල් සංචිත අරමුදල ද අවදානම් සහිත අඩු පොළී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මේ සඳහා බලපාන අනෙක් හේතුව බවයි.
මේ අතර බිලියනපති ආයෝජක වොරන් බෆර් ද මුල්‍ය කඩා වැටීමකට සූදානම් විය යුතු බව පවසන අතර එය නුදුරේදීම සිදු නොවනු ඇති බවට ද විවිධ කට කතා පතුරුවමින් සිටින බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
"වොරන් බෆර් දර්ශකය" හෙවත් සමස්ත වෙළඳපොල ප්‍රාග්ධනීකරණය, දළ දේශීය නිෂ්පාදනයෙන් බෙදූ විට ලැබෙන දර්ශකය පෙන්වා දෙන්නේ ඕනම මොහොතක කඩා වැටීමක් සිදු වීමට ඉඩ ඇති බව යැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා අවධාරණය කරයි.
කෙසේ වෙතත් එවැන්නක් සිදු වන්නේ නම් ඒ සඳහා ගත හැකි විකල්ප දෙකකි.
එකක් නම් අදාල කඩා වැටීමට පෙර කොටස් විකුණාදැමීමයි. අනෙක් විකල්පය නම් කඩා වැටීම සිදුවන්නට හැර බලා සිටීමයි.
එහෙත් නිරපේක්ෂ ලාභ (Absolute Profits) කියන සංකල්පය ලොවට හඳුන්වා දුන් Sean Hyman ප්‍රකාශ කරන්නේ මීට තවත් විකල්පයක් ඇති බවයි.
එනම් එළැඹෙන මාස කිහිපයේ දී මෙවැනි මුල්‍ය කඩා වැටීමක් සිදු වන විටත් කඩා නොවැටෙන නිශ්චිත ක්ෂේත්‍ර, කොටස් වෙළඳපොලේ පවතින බව හඳුනා ගැනීමයි.
"කොටස් වෙළඳපොල කඩා වැටෙතැයි යන හැගීමෙන් දැන් කොටස් විකුණා දැමීම වියදම් අධික විය හැකි කටයුත්තක්" Hyman අවධාරණය කරයි.
නමුත් Hyman නිශ්චිතව එසේ පවසන්නේ කෙසේ ද?
1968 සිට කොටස් වෙළඳපොල සියයට 250කින් ආක්‍රමණය කිරීමට සමත් වූ Hyman සතු ව "රහසිගත Wall Street කැලැන්ඩරයක්" තිබේ.
වෙළඳපොල අංශ මත වර්ගීකරණය කරන ලද ආයෝජන 19ක් මෙහි ඇති අතර ඒවා මිළ දී ගැනීම සඳහාත් විකිණීම සඳහාත් දින 38ක් ලබා දී තිබේ.
අවුරුදු 10 කාල පරාසයක් තුළ තම ආයෝජනවල වටිනාකම 300 ගුණයකින් පමණ වැඩි කර ගැනීමට ඒ හරහා හැකියාව ඇත.
ඔහු හඳුන්වා දුන් "රහසිගත Wall Street කැලැන්ඩරය" ගැන දැන ගන්න මෙම වීඩියෝව බලන්න.
Secret Calendar Video
මීට අමතරව තමා විසින් නිර්මාණය කරන ලද Crash Alert System එක හරහා ද ආයෝජකයින්ට මෙවැනි අවදානම් අවස්ථා පිළිබඳව තොරතුරු ලද හැකි